Wednesday, May 28, 2014

පිළිකාව නිවසේදී පහසුවෙන් හඳුනා ගනිමු


ශරීරය තුළ ඇති පිළිකාවන් නිවසේදී හඳුනාගත හැකි තාක්ෂණය පිළිබඳව තොරතුරු වාර්තා වේ. එය මාතෘභාවය පිළිබඳ පරීක්ෂණයට සමාන සරලපරීක්ෂණයක් වේ. මෙම පරීක්ෂණය කඩදාසි තීරුවක් මත මුත්‍රා තැවරීමෙන් ක්‍රියාත්මක කළ හැකs. මෙම සරල ක්‍රමයෙන් මුල් අවධියේදීම බොහෝ පිළිකා හඳුනාගැනීමට ඉඩ සැලසෙන බැවින් එම මාරාන්තික රෝග වලින් සුවවීමේ හැකියාවද උදාවේ.
පිළිකා හා හෘද රෝග භියකරු ලෙස සංවර්ධිත හා සංවර්ධන වන රටවල් වල ව්‍යාප්ත වීම සිදුවේ. මිනිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා හැකි තරම් කඩිනමින් මුල් අවධියේදීම පිළිකා සහ හෘද රෝග පිළිබඳ දැනගැනීම ඉතා වැදගත්වේ යැයි ඇන්ඩ්‍රෘ වරක් පවසයි. මැසචුසෙටිස් තාක්ෂණ ආයතනයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් වන ඇන්ඩ්‍රෘ වරක් මෙම පර්යේෂක කණ්ඩායමේ නායකයා වේ.

 ක්ෂය රෝගය සහ ඒඩ්ස්  වැනි සමාජ රෝග වලදී ලැබෙන සංඥා මෙන් පහසුවෙන් පිළිකා ප්‍රෝටීන වලින් ලැබෙන සංඥා හඳුනාගත නොහැක. නැනෝ පරිමාණයේ ජීවසලකුණු කාරකය (Bio Markers) පර්යේෂකයන් විසින් නිර්මාණය කර ඇත්තේ මෙම අපහසුතාවය වැළැක්වීමටය. රුධිර සංසර පද්ධතියට ජීවසලකුණු කාරකය (Bio Markers) එන්නත්  හැකිය.                                                                                    
සෑම ජීවසලකුණු කාරකයක්ම, පිළිකා සෛල මඟින් නිපදවන සුවිශේෂි ප්‍රෝටීන සමඟ ප්‍රතික්‍රියා කිරීමට හැකිලෙස නිර්මාණ කර තිබේ. ජීවසලකුණු කාරකය සහ පිළිකා සෛල  ප්‍රෝටීන එකිනෙක ප්‍රතික්‍රියා කිරීම නිසා ප්‍රෝටීනය, ජීවසලකුණු කාරකයේ කුඩා කොටසක් කපා ඉවත් කරයි. මුත්‍රා සමඟ ඉවත් වු කොටස ශරීරයෙන් බැහැර වේ.
ශරීරය තුළ ඇති පිළිකාවන් නිවසේදී හඳුනාගත හැකි නව පරීක්ෂය මාතෘ‍භාවය පිළිබඳ කරන පරීක්ෂණයක් ආකාරයට ක්‍රියා කරයි. මුත්‍රා සමඟ පිටවු ජීව සලකුණු කාරකයේ වත්වු කොටස විශ්ෂිත කඩදාසි තීරුවක මුත්‍රා තැවරීමෙන් කඩදාසි තීරුව මත දිස්වෙන විශේෂ සලකුණ නිසා හඳුනාගත හැකිය. එඅනුව පිළිකා සෛල ඇති බව පහසුවෙන් අවබෝධ වේ. කඩදාසි තීරුව, ජීවසලකුණු කාරකය හඳුනාගත හැකි ප්‍රතිජීවක වලින් ආලේපනය කර ඇතිඅතර පැය 1 ක පමණ කාලයක් සම්පූර්ණ ක්‍රියාවලියට ගතවේ.
Colon පිළිකා පමණක් නොව ලේ කැටිද ආලේපිත කඩදාසි තීරුවට හඳුනාගත හැකි බව PNAS සඟරාවේ පළවී තිබේ. හෘද රෝග ප්‍රවණතා පිළිබඳ ඉඟියක් ලේකැටි හඳුනා ගැනීමෙන් ලබාගත හැකිය. වොරන් පවසනපරිදි ජීවසලකුණු කාරක, විවිධ පිළිකා වර්ග හඳුනාගැනීම ඉලක්කකොට  නිපදවිය හැකි වේ. මිනිසුන්ගේ භාවිතය සඳහා මෙය වෙළඳපොළට ලබාදීමට පර්යේෂක කණ්ඩායම කටයුතු කරමින් සිටියි.
පිළිකා හඳුනාගන්නා කඩදාසි තීරු තාක්ෂණය ඉතා වැදගත් බවත් දුගී ජාතින් ලබාගැනිමේ හැකියාව සහිත එවැනි වෛද්‍ය තාක්ෂණයන් තවත් තිබෙන බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවරියක් වන ලිනා නිල්ස්සන් ප්‍රකාශ කරන්නීය. එහෙත්  ලෙඩ රෝග හඳුනාගත හැකි පහසු ක්‍රම ඇති වුවද හඳුනාගත රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සැලසී නැත. ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව නොමැති වීම නිසා මිනිසුන්ට තදබල රෝග ඇතිබව දැනගැනීමට පහසුකම් සැලසීම ගැටළුකාරි බව ලිනා තවදුරටත් පැවසුවාය.
  උපුටාගැනීම:

No comments:

Post a Comment