වාහන ධාවනයට විකල්ප බලශක්ති අවශ්‍යතාවය ඉන්ධන බලශක්තිය අවසාන වන බැවින් මතුවී තිබේ. සැමදා පවතින සාමාන්‍ය වායු (සුළඟ) පිරිසිදුය, නොමිලේ ලබාගත
හැකිය. එහෙත් සුළඟින් බලය ලබා ගැනීම සඳහාද බලය අවශ්‍ය වේ. බලය ලබාගත හැකිවන්නේ සුළඟ සම්පීඩනයෙන් නිසා වාහන
ධාවනයට සම්පූර්ණ සුළඟ යොදාගැනීම අපහසු වී ඇත. ප්‍රංශයේ PSA Peugeot Citroen රථවාහන නිෂ්පාදන
සමාගමේ ඉංජිනේරුවෝ දෙදෙනෙකු ප්‍රකාශ
කරනුයේ තාක්ෂණ ක්‍රම
දෙකක් එක් කිරීමෙන් මෙම අභියෝගය ජයගත හැකි බවයි.
මේ සඳහා වායු /gasoline engine සහ ද්‍රාව තාක්ෂණය (hydraulics) යොදා ගැනේ. දෙමුහුන් වායු වැඩ සටහනක් (Hybrid Air Program) නව සංකල්පය අත්හදා බැලීම සඳහා 2010 වසරේදී ක්‍රියාත්මක කරන ලදී. මෝටර් රථ එංජිමක් වාණිජ අහස්
යාත්‍රාවක ද්‍රාවක පද්ධතියට සම්බන්ධ කර ඇත. අපේ උත්සහය සාර්ථකත්වය විශ්වාස කළ නොහැකි ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන
යෑම යැයි ඉංජිනේරු කරීම් මොකඩම් පවසයි.
ද්‍රාවක පොම්ප සහ piston භාවිතා කර ටැංකියක් තුළ හයිඩ්‍රජන් වායුව සම්පීඩනය සිදු කරන දෙමුහුන් සුළං බල දුම්රිය (Hybrid Air Power train) මොකඩම් හා
ඇනිඩ්‍රිව්යාස් විසින් නිර්මාණය කරන ලදි. මෙය අධිපීඩන සමාවායකය/ accumulator නම් වේ. ත්වරකය (Accelerator) පැඟීමෙන්
පීඩිත වායුව මුදා හැරේ. මුදා
හැරුණු වායුව
නිසා ද්‍රව පොම්පය තුල ද්‍රාවක ආපසු ගමන්
කරයි. මේ නිසා රෝද සඳහා බලය ලබාදෙන මෝටරයක් ලෙස පොම්පය ක්‍රියා කරයි. අවසානයේදී ද්‍රාවක ද්‍රව දෙවන ටැංකියේ තැන්පත් වේ.
සුළං සහ වායු (Air & Gas) බල වලට සාමාන්‍ය
ධාවනයේදී පද්ධතිය මාරුවීම සිදුවේ. වායු එංජිම (gasoline
engine) අධිවේගී මාර්ග වලදී, කඳු වලදී අමතර බලය සැපයීම දෙමුහුන් විදුලි බල
වාහන වලට අනුරූප වේ. ප්‍රතිජීවන
තිරිංග පද්ධතිය ක්‍රියාත්මකවීම සිදුනොවුනහොත්, එය හයිඩ්‍රජන්
ටැංකිය ප්‍රතිපීඩනය කරයි. මුළු ධාවනයෙන් 60% - 80% ක් අතර ප්‍රමාණයක් සුළඟ මඟින් ධාවනය වීම පැයට සැතපුම් 43 ක
වේගයෙන් ධාවනයවීමේදී සිදු වන බව ඉංජිනේරුවරු
පවසති.
දෙමුහුන් සුළංබල දුම්රිය, වායු-විදුලි එංජිම් (gasoline-electric engine) සමඟ සංසන්දනයේදී සැහැල්ලු සහ ලාභදායී වේ. එහි විශාල බැටරි නොමැතිය.එමගින් විශාල ඉඩ ප්‍රමාණයක්
මගීන් හා භාණ්ඩ
සඳහා ඉතිරි වේ. වාහනයේ ජීව කාලය තුළදීම නඩත්තුවකින් තොරව ක්‍රියාත්මක වීමට හැකි ලෙස පද්ධතිය නිර්මාණය කර ඇත. සමහර විට සුළං ප්රතිආරෝපණය කිරීම පමණක් සිදු
කිරීම අවශ්‍යවනු ඇත.
PSA Peugeot Citroen සමාගම සුළඟ (සාමාන්‍ය වායු) මගින් ධාවනය වන වාහන
නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබීම යාස් සහ මොකඩම්ගේ සැලසුම් සාර්ථක බව සනාථ කිරීමකි. වසර 2015 දී යුරෝපීය හා ජාත්‍යන්තර වෙළඳපොළට දෙමුහුන් සාමාන්‍ය වායු බල දුම්රිය ඉදිරිපත් කරන බව සමාගම පවසයි. සුළං මෝටර් රථ මිල සාමාන්‍ය මෝටර් රථ මිල ගණන් වලට
සමාන වනු ඇතැයි සඳහන් වේ.
උපුටාගැනීම:
Source-University of
Illinois
No comments:
Post a Comment