Thursday, May 22, 2014

ජලය පිරිසිදු කිරීම


ඔබට ජලාශ්‍රයක් වැනි ජල ප්‍රභවයක ජලය හදිස්සි විපතකදී හෝ පහසුකම් අඩු අවස්ථාවකදී භාවිතා කිරීමට සිදු විය හැක. එවැනි අවස්ථාවකදී පානය සඳහා ජලය පිරිසිදු කර ගැනිමට අවශ්‍ය රසායනික හෝ පෙරණ උපකරණ නොලැබෙණු ඇත. එවිට  පානීය ජලය සකස් කර ගත හැකි පහසු ක්‍රමයක් පහත දැක්වේ. ජලය උණු කිරිමෙන් හෝ පිසීමෙන් බෝහෝ විෂබිජ විනාශ කළ හැකිය.එහෙත් එමගින් වැලි සහ අංශු ඉවත් කිරීම අපහසුය වීම නිසා නොයෙක් රෝග පැතිර යනු ඇත. ඒ නිසා පෙරීමෙන්ද ජලය පිරිසිදු කිරීම අවශ්‍ය වේ. ජල පෙරණයන් අවට පරිසරයේ ඇති දේ මගින් සකසා ගැනීම හැකිය. පෙරීම මගින් අපිරිසිඳු ජලයේ ඇති වැලි අංශු සහ බොහෝ විෂබීජ විනාශ කළ හැකි වේ.

පියවර I
ප්ලාස්ටික් බෝතලයක අඩිය කපා ඉවත් කරගන්න. බෝතලයේ මුව පහළට හරවා මුඩිය වසා පහත ද්‍රව්‍ය එක් කරන්න.
1. බොරළු (කැට)        2. වැලි       3. රෙදි කැබැල්ලක්         4. අඟුරු
5. රෙදි කැබැල්ලක්     6. වැලි       7. බොරළු (කැට)
*        රෙදි කැබැලි ඒ අතරට යොදා විවිධ ද්‍රව්‍ය මිශ්‍ර වීම වැළැක්වීම.
*        ජලයේ ඇති අංශු සහ වෙනත් අපද්‍රව්‍ය බොරළු සහ වැලි මගින් ඉවත් කරයි.
*         ජලයේ  ඇති රසායනික වීශාල ප්‍රමාණයක් අඟුරු මගින් ඉවත් වේ. එහෙත් සියල්ලම නොවේ.
*        විෂබීජ ජලයෙන් ඉවත් කිරීමට මෙම පෙරණයට නොහැකිය. එහෙයින් පෙරාගත් පසු  පානයට ප්‍රථම ජලය හොඳින් උණුකරගත යුතුය.


පියවර II
ජලය ,ළිඳ හෝ ගඟ හෝ ජල මුලාශය යෙන් කෝප්පයට ලබාගන්න.එම ජලය සෙමින් බෝතලයකට වත් කරන්න. කුණු රොඩු මගින් පෙරණය ඉක්මණින් භාවිතා කළ නොහැකි තත්වයට පත්වන බැවින් හැකිතාක් කුණු රොඩු නොමැති ජලය කොප්පයට ලබාගැනීමට අවශ්‍යය. පෙරා ලබාගත් මුල් වතුර කොප්පය විසි කිරීම වඩා සුදුසුය. මුල් වතුර කොප්පය බොහෝ විට අපැහැදිළි වනු ඇත. පැහැදිලි ජලය පෙරණයෙන් ලැබෙන විට එය භාවිතය සඳහා සුදුසුය. එලෙස ලබාගත් ජලය විනාඩි 1 ක් පමණ උණුකර ගැනීමෙන් බොහෝ විෂබීජ විනාශ වී පානය සඳහා සුදුසු වේ.

උපුටාගැනීම : http://www.instructables.com/id/How-to-purify-your-water/

No comments:

Post a Comment