Wednesday, June 11, 2014

ජීව වායු (Bio Gas) වාහන


පරිසර හිතකාමී නොවන පෙට්‍රෝලියම්  නිෂ්පාදන වලට ප්‍රතිවිරුද්ධ ලෙස පැළැටි , සත්ව තෙල් වැනි ජීව පදාර්ථ මඟින් ඩීසල් නිෂ්පාදනය කළ හැක. මිනිසුන් තුළ ජීව ඩීසල් නිෂ්පාදනය පිළිබදව සාමාන්‍ය දැනුමක් තිබේ. ඉන්ධන වෙනුවට ජීව ඩීසල් වාහන සඳහා භාවිතායට ප්‍රයෝජනවත් වේ. එහෙත් gas (ගෑස් /වායු )  වලින් ධාවනය වාහන සඳහා එවැනි තෝරා ගැනිමක් මෙතෙක් නොතිබුණි. එය වෙනස් වී පිරහුම් හල් වලින් ජීව වායු (bio gas) ලබා ගැනිමේ අස්ථාව එවැනි වාහන සඳහා ළඟදීම උදා වනු ඇත.

රේඛීය හයිඩ්‍රෝකාබන් (linear hydrocarbon) නිෂ්පාදනය, ඉන්ධන සහ ජෛව  ඉන්ධන වර්ග යන දෙවර්ගයෙන්ම සම්ප්‍රදායානුකූලව සිදුවේ. රේඛීය හයිඩ්‍රෝකාබන් යනු කාබන් පරමාණු වල දීර්ඝ රේඛීය දම්වැල්ය. ශාඛා-දාම හයිඩ්‍රෝකාබන (branched- chain hydrocarbon) නම් කෙටි දම් වැල් කොටස් (Shorter branched- chain) ග්ලිසරීන් නිෂ්පාදනය කරයි.ඒවා රේඛීය/ඒකජ හයිඩ්‍රෝකාබන වලට වඩා වෙනස්වේ. රේඛීය හයිඩ්‍රෝකාබන, ශාකමය අපද්‍රව්‍ය වලින් නිර්මාණය කිරීමට හැකිය. එහෙත් ගැසොලීන්(gasoline) වල වාෂ්පශිලීතාව සහිත ශාඛා හයිඩ්‍රෝකාබන (branched hydrocarbon) ශාකමය අපද්‍රව්‍ය මඟින් නිර්මාණය කිරීමට අපහසුවිය.

ලෙව්ලිනික් අම්ලයේ (levulinic acid) පෝෂණ තොගයක් භාවිතයෙන් ජීව වායු (ජීව ගැස්ලීන්) නිපදවීමට කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්ත් මැස්කල්ගේ මෙහෙයවීමෙන් ඩේවිස්ට හැකි විය. ලෙව්ලිනික් අම්ලය බොහෝ විට පිදුරු, තිරිඟු දඬු (Stalks) හෝ වෙනත් ශාක අපද්‍රව්‍ය වැනි සෙලියුලොසික් (Cellulosic) ද්‍රව්‍ය වලින් නිස්සාරණය කරයි.

ජීව ඉන්ධන නිෂ්පාදන කියාවලිය මිල අධික නොවේ. අපද්‍රව්‍ය මුහුන් කළ යුතුද නැත. තවද අපද්‍රව්‍ය මගින් 60% ක  ගෑස් ( gas/වායු )  ප්‍රමාණයක් ලබාගත හැකිය. මෙම පරීක්ෂණ සම්බන්ධ තොරතුරු Angwandte  Chemie සඟරාවේ පළ කර ඇති අතර නව තාක්ෂණය වෙනුවෙන් විශ්ව විද්‍යාලය පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් කර තිබේ.

උපුටා ගැනීම:-  
http://www.youtube.com/watch?v=ATPdQUt3yMU

Wednesday, May 28, 2014

පිළිකාව නිවසේදී පහසුවෙන් හඳුනා ගනිමු


ශරීරය තුළ ඇති පිළිකාවන් නිවසේදී හඳුනාගත හැකි තාක්ෂණය පිළිබඳව තොරතුරු වාර්තා වේ. එය මාතෘභාවය පිළිබඳ පරීක්ෂණයට සමාන සරලපරීක්ෂණයක් වේ. මෙම පරීක්ෂණය කඩදාසි තීරුවක් මත මුත්‍රා තැවරීමෙන් ක්‍රියාත්මක කළ හැකsය. මෙම සරල ක්‍රමයෙන් මුල් අවධියේදීම බොහෝ පිළිකා හඳුනාගැනීමට ඉඩ සැලසෙන බැවින් එම මාරාන්තික රෝග වලින් සුවවීමේ හැකියාවද උදාවේ.
පිළිකා හා හෘද රෝග භියකරු ලෙස සංවර්ධිත හා සංවර්ධන වන රටවල් වල ව්‍යාප්ත වීම සිදුවේ. මිනිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා හැකි තරම් කඩිනමින් මුල් අවධියේදීම පිළිකා සහ හෘද රෝග පිළිබඳ දැනගැනීම ඉතා වැදගත්වේ යැයි ඇන්ඩ්‍රෘ වැරක් පවසයි. මැසචුසෙටිස් තාක්ෂණ ආයතනයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් වන ඇන්ඩ්‍රෘ වැරක් මෙම පර්යේෂක කණ්ඩායමේ නායකයා වේ.

 ක්ෂය රෝගය සහ ඒඩ්ස්  වැනි සමාජ රෝග වලදී ලැබෙන සංඥා මෙන් පහසුවෙන් පිළිකා ප්‍රෝටීන වලින් ලැබෙන සංඥා හඳුනාගත නොහැක. නැනෝ පරිමාණයේ ජීවසලකුණු කාරකය (Bio Markers) පර්යේෂකයන් විසින් නිර්මාණය කර ඇත්තේ මෙම අපහසුතාවය වැළැක්වීමටය. රුධිර සංසරණ පද්ධතියට ජීවසලකුණු කාරකය (Bio Markers) එන්නත් කළ හැකිය.                                                                                    
සෑම ජීවසලකුණු කාරකයක්ම, පිළිකා සෛල මඟින් නිපදවන සුවිශේෂි ප්‍රෝටීන සමඟ ප්‍රතික්‍රියා කිරීමට හැකිලෙස නිර්මාණය කර තිබේ. ජීවසලකුණු කාරකය සහ පිළිකා සෛල  ප්‍රෝටීන එකිනෙක ප්‍රතික්‍රියා කිරීම නිසා ප්‍රෝටීනය, ජීවසලකුණු කාරකයේ කුඩා කොටසක් කපා ඉවත් කරයි. මුත්‍රා සමඟ ඉවත් වු කොටස ශරීරයෙන් බැහැර වේ.
ශරීරය තුළ ඇති පිළිකාවන් නිවසේදී හඳුනාගත හැකි නව පරීක්ෂණය මාතෘ‍භාවය පිළිබඳ කරන පරීක්ෂණයක් ආකාරයට ක්‍රියා කරයි. මුත්‍රා සමඟ පිටවු ජීව සලකුණු කාරකයේ ඉවත්වු කොටස විශ්ෂිත කඩදාසි තීරුවක මුත්‍රා තැවරීමෙන් කඩදාසි තීරුව මත දිස්වෙන විශේෂ සලකුණ නිසා හඳුනාගත හැකිය. එඅනුව පිළිකා සෛල ඇති බව පහසුවෙන් අවබෝධ වේ. කඩදාසි තීරුව, ජීවසලකුණු කාරකය හඳුනාගත හැකි ප්‍රතිජීවක වලින් ආලේපනය කර ඇතිඅතර පැය 1 ක පමණ කාලයක් සම්පූර්ණ ක්‍රියාවලියට ගතවේ.
Colon පිළිකා පමණක් නොව ලේ කැටිද ආලේපිත කඩදාසි තීරුවට හඳුනාගත හැකි බව PNAS සඟරාවේ පළවී තිබේ. හෘද රෝග ප්‍රවණතා පිළිබඳ ඉඟියක්ද ලේකැටි හඳුනා ගැනීමෙන් ලබාගත හැකිය. වොරන් පවසනපරිදි ජීවසලකුණු කාරක, විවිධ පිළිකා වර්ග හඳුනාගැනීම ඉලක්කකොට  නිපදවිය හැකි වේ. මිනිසුන්ගේ භාවිතය සඳහා මෙය වෙළඳපොළට ලබාදීමට පර්යේෂක කණ්ඩායම කටයුතු කරමින් සිටියි.
පිළිකා හඳුනාගන්නා කඩදාසි තීරු තාක්ෂණය ඉතා වැදගත් බවත් දුගී ජාතින්ට ලබාගැනිමේ හැකියාව සහිත එවැනි වෛද්‍ය තාක්ෂණයන් තවත් තිබෙන බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවරියක් වන ලිනා නිල්ස්සන් ප්‍රකාශ කරන්නීය. එහෙත්  ලෙඩ රෝග හඳුනාගත හැකි පහසු ක්‍රම ඇති වුවද හඳුනාගත් රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සැලසී නැත. ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව නොමැති වීම නිසා මිනිසුන්ට තදබල රෝග ඇතිබව දැනගැනීමට පහසුකම් සැලසීම ගැටළුකාරි බව ලිනා තවදුරටත් පැවසුවාය.
  උපුටාගැනීම:

Monday, May 26, 2014

සුළඟින් ධාවනය වන වාහන


වාහන ධාවනයට විකල්ප බලශක්ති  අවශ්‍යතාවය ඉන්ධන බලශක්තිය අවසාන වන බැවින් මතුවී තිබේ. සැමදා පවතින සාමාන්‍ය වායු (සුළඟ)  පිරිසිදුය, නොමිලේ ලබාගත හැකිය. එහෙත් සුළඟින්  බලය ලබා ගැනීම සඳහාද බලය අවශ්‍ය වේ. බලය ලබාගත හැකිවන්නේ සුළඟ සම්පීඩනයෙන් නිසා වාහන ධාවනයට සම්පූර්ණ සුළඟ යොදාගැනීම අපහසු වී ඇත. ප්‍රංශයේ PSA Peugeot Citroen රථවාහන නිෂ්පාදන සමාගමේ ඉංජිනේරුවෝ දෙදෙනෙකු ප්‍රකාශ කරනුයේ තාක්ෂණ ක්‍රම දෙකක් එක් කිරීමෙන් මෙම අභියෝගය ජයගත හැකි බවයි.

 මේ සඳහා වායු /gasoline engine සහ ද්‍රාව තාක්ෂණය (hydraulics) යොදා ගැනේ. දෙමුහුන් වායු වැඩ සටහනක් (Hybrid Air Program) නව සංකල්පය අත්හදා බැලීම සඳහා  2010 වසරේදී ක්‍රියාත්මක කරන ලදී. මෝටර් රථ එංජිමක්  වාණිජ අහස් යාත්‍රාවක ද්‍රාවක පද්ධතියට සම්බන්ධ කර ඇත. අපේ උත්සහය සාර්ථකත්වය විශ්වාස කළ නොහැකි ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යෑම යැයි ඉංජිනේරු කරීම් මොකඩම් පවසයි.

ද්‍රාවක පොම්ප සහ piston භාවිතා කර ටැංකියක් තුළ හයිඩ්‍රජන් වායුව සම්පීඩනය සිදු කරන දෙමුහුන් සුළං බල දුම්රිය (Hybrid Air Power train) මොකඩම් හා ඇනිඩ්‍රිව්යාස් විසින් නිර්මාණය කරන ලදි. මෙය අධිපීඩන සමාවායකය/ accumulator නම් වේ. ත්වරකය (Accelerator) පැඟීමෙන් පීඩිත වායුව මුදා හැරේ. මුදා හැරුණු වායුව නිසා  ද්‍රව පොම්පය තුල ද්‍රාවක ආපසු ගමන් කරයි. මේ නිසා රෝද සඳහා බලය ලබාදෙන මෝටරයක් ලෙස පොම්පය ක්‍රියා කරයි. අවසානයේදී  ද්‍රාවක ද්‍රව දෙවන ටැංකියේ තැන්පත් වේ.

සුළං සහ වායු (Air & Gas) බල වලට සාමාන්‍ය ධාවනයේදී පද්ධතිය මාරුවීම සිදුවේ. වායු එංජිම (gasoline engine) අධිවේගී මාර්ග වලදී, කඳු වලදී  අමතර බලය සැපයීම දෙමුහුන් විදුලි බල වාහන වලට අනුරූප වේ. ප්‍රතිජීවන තිරිංග පද්ධතිය ක්‍රියාත්මකවීම සිදුනොවුනහොත්, එය හයිඩ්‍රජන් ටැංකිය ප්‍රතිපීඩනය කරයි. මුළු ධාවනයෙන් 60% - 80% ක් අතර ප්‍රමාණයක් සුළඟ  මඟින් ධාවනය වීම පැයට සැතපුම් 43 ක වේගයෙන් ධාවනයවීමේදී සිදු වන බව ඉංජිනේරුවරු පවසති.

දෙමුහුන් සුළංබල දුම්රිය, වායු-විදුලි එංජිම් (gasoline-electric engine) සමඟ සංසන්දනයේදී  සැහැල්ලු සහ ලාභදායී වේ. එහි විශාල බැටරි නොමැතිය.එමගින් විශාල ඉඩ ප්‍රමාණයක් මගීන් හා භාණ්ඩ සඳහා ඉතිරි වේ. වාහනයේ ජීව කාලය තුළදීම නඩත්තුවකින් තොරව ක්‍රියාත්මක වීමට හැකි ලෙස පද්ධතිය නිර්මාණය කර ඇත. සමහර විට සුළං ප්‍රතිආරෝපණය කිරීම පමණක් සිදු කිරීම අවශ්‍යවනු ඇත.
PSA Peugeot Citroen සමාගම සුළඟ (සාමාන්‍ය වායු) මගින් ධාවනය වන වාහන නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබීම යාස් සහ මොකඩම්ගේ සැලසුම් සාර්ථක බව සනාථ කිරීමකි. වසර 2015 දී යුරෝපීය හා ජාත්‍යන්තර වෙළඳපොළට දෙමුහුන් සාමාන්‍ය වායු  බල දුම්රිය ඉදිරිපත් කරන බව සමාගම පවසයි. සුළං මෝටර් රථ මිල සාමාන්‍ය මෝටර් රථ මිල ගණන් වලට සමාන වනු ඇතැයි සඳහන් වේ.

උපුටාගැනීම:
Source-University of Illinois   
The Car That Runs On Air      http://www.popsci.com/article/cars/car-runs-air