මිනිසුන් තුල ඇති සමහර ප්රවේණි ජාන නිසා ඔවුන් රෝගි බවට පත්විය හැක. මෙවැනි විපත්තිදායක ජාන
මනව වර්ගයාගේ කොටසක් ලෙස සැළකේ. එසේ නමුත් මෙවැනි ජාන
නිවරුදි කිරීමට අනාගතයේදී වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙනු ඇත. දෝෂ සහිත ජාන අළුත්වැඩියා කිරීම සහ දෝෂ
සහිත ජාන වෙනුවට රෝගියාට ක්‍රියාකාරි ජාන ලබා දීම වැනි ක්‍රියාවන් අනාගත පතිකාර
ලෙස දැක්විය හැකිය. මෑතකදී ප්‍රසිද්ධියට පත් කළ Economist සඟරාවේ ජාන
ඉංජිනේරු විද්‍යාවේ විවිධාකාර සංවර්ධනයන් සඳහන් කර තිබේ.

නිව්යෝක්හි, MSK පිලිකා මධ්‍යස්ථානයේ මයිකල් සඩලේන් විසින් ලියුකේමියාව / ශ්වේතරක්තය සහ ලිම්ෆෝමාව (lymphomas) වැනි රෝග සඳහා
ජාන ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක
කරයි. තවද වඳුරන්ගේ DNA වෙනස් කිරීමට
හැකි තාක්ෂණයක් චීනයේ නන්ජිං වෛද්‍ය විද්‍යාලයේ ෂාජියාහෝ ඇතුළු කණ්ඩායම
විසින් සෙයාගෙන තිබේ. එය මානවයන්ගේ දෝෂ සහිත DNA නිවැරිදි කිරීමට හැකියාව සලසන ප්‍රධාන පියවරක් ලෙස විද්‍යාඥයින් විසින් සළකනු ලබයි.
No comments:
Post a Comment