Friday, May 23, 2014

මිළඟ ග්‍රාහක ගැටුමට පෘථිවිය සහ ජීවීන් සුදානම්ද?

උල්කාපාත පෘථිවිය මත අනපේක්ෂිතව පතිත වී පෘථිවිය සහ ජීවීන් විනාශ වනු ඇතිද? රුසියාවට මෑතකදී පතිත වු උල්කාපාතය මගින් සිදුවු හානි විශාල නොවුනත් උල්කාපාත පෘථිවිය මත අනපේක්ෂිතව පතිත විය හැකි බව හඟවයි.එවැන්නක් කළින් හඳුනා ගැනීමට හෝ වළක්වාගෙන සිදු වන හානි අවම කර ගැනීමට ක්‍රමයක් තිබේද? ග්‍රහවස්තු වලින් පෘථිවිය සහ ජීවීන් ආරක්ෂා විම සඳහා  අනතුරු හැඟවීමේ වැඩ පිළිවෙලක්  පිළිබඳ අධ්‍යනයක් මෑතකදී සිදු කර තිබේ. එහෙත් මෙම අනතුරු හැඟවීමට පසුගිය වසරේදී රුසියාවේ Chelyabinsk වෙත පැමිණි ප්‍රමාණයේ ග්‍රහ වස්තු හෝ උල්කාපාත හෝ අභ්‍යවකාශයේ පාෂාණ වලින් 50% ක පමණ ප්‍රමාණයක් හසුනොවනු ඇතැයි සඳහන් වේ.

 කෙසේවෙතත් මෙවැනි උල්කාපාත ගැටීම් සිදුවනුයේ ශත වර්ෂයකට දෙකක් හෝ තුනක් පමණක් වන අතර බොහෝවිට ඒවා සයුර මත හෝ ජනශුන්‍ය ප්‍රදේශ වලට පතිතවීම සාමාන්‍යයෙන් සිදුවේ. එනිසා එලෙස පෘථිවියට පතිත වන සියළු ග්‍රහවස්තු පිළිබඳව අනතුරු හැඟවීම ඵලදායි නොවේ.

මීටර 20 ක පමණ ප්‍රමාණයකින් යුක්ත උල්කාපාතයක් පෘථිවි වායුගෝලයට ඇතුළු වී Chelyabinsk වෙත 2013.02.15 වන දින අනපේක්ෂිතව පතිත වී TNT කිලෝටොන් 600 ක බලයකින් පුපුරා ගියේය. ජනෙල් වීදුරු බිඳි යෑමට තරම් ප්‍රබල කම්පන තරංග එමඟින් හටගත්තේය. මිනිසුන් විවිධ අනතුරු වලටද භාජනය විය. පෘථිවිය මත පතිත විය හැකි ග්‍රහ වස්තු/ උල්කාපාත / අභ්‍යවකාශයේ පාෂාණ පිළිබඳ අනතුරු ඇඟවීමේ ක්‍රමයක කඩිනම් අවශ්‍යතාවය මෙම සිද්ධිය විසින් තදබල ලෙස ඉස්මතු කරන ලදි.
පෘථිවියට ආසන්නයේ සුර්යයා වටේ කුඩා ග්‍රහ වස්තු මිලියන ගණනින් නිරතුරුව භ්‍රමනය වේ. ඉතා කුඩා ආලෝකයක් පරාවර්තනය කරන බැවින් එවැනි කුඩා ග්‍රහ වස්තු හඳුනාගැනීම හා අධ්‍යයනය ඉතා අපහසුය. ඒවා හඳුනාගැනීමට පහසුවන ප්‍රදේශයක දුරේක්ෂ තිබීම සැමවිටම අපේක්ෂා කළ නොහැකි බැවින් පෘථිවියට ආසන්න වු විට දී පවා හඳුනාගැනීම අපහසු විය හැකිය.


රාත්‍රියේදී කිහිපවරක්ම ආකාශය පුරා අවධානය යොමුකොට මෙවැනි ගැටිම් ඇතිකිරීමේ විභවයක් ඇති ග්‍රහවස්තු පිළිබඳ තොරතුරු පුළුල්-ක්ෂේත්‍ර දුරේක්ෂ (Wide–Field telescope) මගින් සපයනු ලැබේ. Chelyabinsk ප්‍රමාණයේ සහ ඊට විශාල වූ සහ පොළොව දෙසෙට ගමන් කරන ග්‍රහවස්තු පිළිබඳව සොයා බලන ATLAS telescope array (ඇට්ලස් දුරේක්ෂ පද්ධතිය) 2015 අවසාන භාගයේදී හවායි සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ව්‍යාපෘති ප්‍රධානි හොනලලුහි හවායි විශ්ව විද්‍යාලයේ ජෝන් ටෝකි පවසන්නේ පෘථිවිය හා ගැටිය හැකි වඩා කුඩා ග්‍රහවස්තු පිළබඳව මෙම පද්ධතිය ගැටීමට දින දෙකකට කලින් අනතුරු හඟවනු ලබන බවයි. මෙලෙස අනතුරු හැඟවීමක් මඟින් ජනතාවට ජනේල වලින් ඇත්ව සිටීමට Chelyabinsk වෙත ග්‍රහවස්තුව පතිත වීමට ප්‍රථම දන්වන ලද්දේ නම් සිදුවු අනතුරුවලින් 90% ක් වළක්වා ගත හැකිව තිබුණේ යැයිද දැක්වේ.

යුරෝපීය අභ්‍යවකාශය ආයතනය සැලැසුම් කරනුයේ දෙගුණයක් විශාල ගෝලිය ව්‍යුහයක් මඟින් අනතුරු හැඟවීම දින කිහිපයකට පෙර ලබා දීමට හැකි ක්‍රමයකි. එහෙත් මෙම භූගත ක්‍රමයෙන් දහවල් කාලයේ නිරීක්ෂණ හැකියාව ඉතා දුර්වල බැවින් අනපේක්ෂිතව ග්‍රහවස්තු ගැටීමේ අවධානම සම්පුර්ණයෙන් පහව නොයයි. අභ්‍යවකාශ යානා යොදා ගැනිම මේ සඳහා එකම විකල්ප ක්‍රමය බව කණ්ඩායම් සාමාජික රොබට් ජෙඩ්ක් පවසයි. එහෙත් ඒ සඳහා රුපියල් ට්‍රිලියනයකට  වඩා වැයවන්නේ යැයි සඳහන් වේ. ඒනිසා වඩා අඩු මුදලක් වැය වෙන ග්‍රහවස්තු ඉලක්ක කොට අභ්‍යවකා‍ශ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. සිකුරු මත දුරේක්ෂයක් සවි කිරීම සඳහා යෝජනා, සෙන්ටිනල් (Sentinel) නම් එවැනි පෞද්ගලික ව්‍යාපෘතියක් මඟින් අපේක්ෂා කරයි. පෘථිවියට ආසන්න අභ්‍යවකාශයේ NEOCam  නමැති තවත් දුරේක්ෂයක් රැඳවීමට NASA ආයතනය කටයුතු කරයි. පෘථිවිය හා ගැටෙන ග්‍රහවස්තු පිළිබඳ තොරතුරු මෙවැනි අභ්‍යවකාශ දුරේක්ෂ මඟින් ගැටීමට දස වසරකට පෙර ලබාදිමේ හැකියාව ඇති බව සඳහන් වේ.

·         උපුටගැනීම :
  

No comments:

Post a Comment