Wednesday, April 9, 2014

අච්චු ගැසු සපත්තු ස්වයංක්‍රියව අළුත්වැඩියා වේ

 පාදයට නව සමක් ලෙස සැකසු සපත්තු යුගලයක් ආනාගත ධාවන ශූරීන්සඳහා අච්චු ගැසිමට දැන් හැකි වී තිබේ. පීඩනය, චලනය හා ඝට්ටනයට හොදින් ප්‍රතිචාර දක්වන සපත්තු කෘතිම ජෛව  අමුද්‍රව්‍ය වලින් සදා ඇත. සපත්තුවේ කඩතොළු  වීම සපත්තුව විසින්ම සකස් කිරිම සහ අවශ්‍ය විට අමතර කුෂන් ප්‍රමාණයක් ඇති කිරිම කර ගනු ලැබේ.
ලන්ඩන්හි සැලසුම්කරු හා පර්යෙෂක සවීස් ආඩෙච් විසින් ස්වයං  අළුත්වැඩියා සංකල්පය සහිතව ත්‍රිමාන මුද්‍රණය කරන සපත්තු සංවර්ධනය කර තිබේ. ඡායා සෛල තාක්ෂණයෙන් (Protocell) සැදු අමුද්‍රව්‍ය වලින් සපත්තු නිපදවා ඇත. සැබැ සෛල ජෛව වගා කිරීමෙන් සකස් කර ගන්නා බැවින් අදාල සම් වර්ගය සජීවි නොවුනද ඒවාට විවිධ අමතර ගුණාංග එක් කළ හැකි වී තිබේ. පීඩනයට ,ආලෝකයට සහ උෂ්ණත්වයට යෝග්‍ය ලක්ෂණ  ඇතුළත් වේ.
විවිධාකාර ධාවන තිරු හා ස්වභාවය නිසා ධාවනයේ යෙදෙන විට ඇතිවන හෝ සැපයෙන පීඩනය අනුව සපත්තුව ඉපිලීම හෝ හැකිලීම සිදුවේ. එනිසා ධාවකයාට ධාවනය යෙදිම පහසු වේ.
ජීව සපත්තු  ඡායා සෛල ධ්‍රාවනය සහිත බුජමක තැබීම අවශ්‍ය වන්නේ ධාවනයෙන් පසු ඡායා සෛල වල ශක්තිය හීන විය හැකි බැවිනි. පැලැටීයක් රැකිම සහ පැලැටියේ ස්වභාවික ගුණය පවත්වාගෙන යන ලෙස සපත්තු ආරක්ෂා කිරිම සිදුකළ යුතුය. සපත්තු බුජමෙදි වර්ණ ගැන්විම සඳහා ආහාර සඳහා භාවිතා කරන වර්ණක වුවද භාවිතා කළ හැකිය.
නිර්මාණකරු මෙම සංකල්පය පිළිබඳව ඡායා සෛල තාක්ෂණ දැණුම සමඟ ජනතාව දැණුවත් කරන අතර දැනට ධාවන සපත්තු මුලකෘති මට්ටමේ වේ.

උපුටාගැනීම:

Thursday, April 3, 2014

වතුර තීන්ත.

වතුරෙන් මුද්‍රණය කිරීම යන මෙම නව තාක්ෂණය සාමාන්‍ය පරිගණක ප්‍රින්ටරයක් භාවිතා කර තීන්ත වෙනුවට වතුර විදිමෙන් හිස් පිටුවක් මුද්‍රිත පිටුවක් බවට පත්කිරීම වේ. මෙහිදි තීන්ත ලෙස ජලය පමණක් භාවිතා කිරයි.එපමණක් නොව දිනකින් පසු මෙම මුද්‍රිත ජලය වියළි ගොස් නැවත මුද්‍රිත පිටුව හිස් පිටුවක් බවට පරිවර්තනය වේ.එමඟින් කිහිපවරක් මුද්‍රණය සඳහා එකම කඩදාසිය නැවත නැවත භාවිතා කළ හැකි වේ. විශාල ලෙස පරිසරය සහ සම්පත් සුරැකීමක් සිදුවේ.
ජල විදිනය නිෂ්පාදනය කළ රසායනඥයෝ පවසන පරිදි මුද්‍රිත පිටපත් මත තවමත් යැපෙන වත්මන් ඩිජිටල් ලොව සඳහා මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත. සෑම පිටුවක්ම දොළොස් වරක් පමණ නැවත නැවත භාවිතා කිරීමට මෙම ජල විදින තාක්ෂණය නිසා හැකියාව ලැබේ.
එක්වරක් කියවීමෙන් පසු කාර්යාල වල මුද්‍රණය වන ලිපි/ වාර්තා යනාදිය බොහෝ විට කසල බඳුනට එක්වේ. මෙලෙස කසල බඳුනට එක්වෙන මුද්‍රිත කඩදාසි සියලු  මුද්‍රිත වලින්  40% ක පමණ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන වාර්තා කරන බව චිනයේ ජිලන් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය සියෝ එන් සැන්ග් පවසයි.
මෙහි රහස ඇත්තේ කඩදාසියේය. ජලයට විවෘත වු විට වර්ණවත් වන සහ පසුව මැකීයන වර්ණක විශේෂයකින් කඩදාසිය සමන්විත වේ. අදෘශ්‍යමාන මෙම වර්ණක (DYE) 350 C උෂ්ණත්වයේදී පැය.22 කදී එහි ඇති මුද්‍රිත ජලය වාෂ්ප වන නිසා මුද්‍රිතය පැය.22 තුළ මැකීයයි. උෂ්ණත්වය වැඩිවූ විට මැකීයාම වේගවත්ව සිදුවේ.
තාක්ෂණය ඉතා ලාභදායක බවත් මුද්‍රණය ඉතා පැහැදිලි බවත් නිර්මාණ කරුවෝ පවසති. නැවත ලිවමේ හැකියාව 50 වරක් ලෙස සැලකු විට වියදම තීන්ත විදින මුද්‍රණයක වියදමින් 1% පමණක් වේ . නැවත ලිවීමේ හැකියාව දොළොස්වරක් ලෙස සැලකූවිට වියදම 1/17 ක් පමණක් බව සැන්ග් සඳහන් කරයි. විශේෂිත ඩයි සහිත කඩදාසිය බවට සාමාන්‍ය කඩදාසිය පත් කිරීමට 5% ක පමණ අමතර වියදමක් දැරිය යුතුය. එනමුදු තීන්ත ඉතිරිය 5% කට වඩා වැඩිය.
ජලය යනු පරිසර හිකතාමී නැවත භාවිතා කළ හැකි සම්පතකි.මුද්‍රණ යන්ත්‍රය (ප්‍රින්ටරය) නව ක්‍රමය සඳහා වෙනස් කළයුතු නොවේ. තීන්තයෙන් නොව ජලයෙන් කාට්රිජය (Cartridge ) නැවත පිරවීම ප්‍රමාණවත්ය. සිලින්ජරයක් මඟින් පිරවිය හැකිය.
පෙර භාවිතා කළ අතුරුදහන් වන තීන්ත රසායනික විෂ සහිත වන අතර ඒවායෙන් කළ මුද්‍රණ වල දීප්තිය පහල මට්ටමක වේ. සැන්ග් සහ කණ්ඩායම Oxazolidine (ඔක්සසොලිඩයින්) නමැති පෙරදී වැඩියෙන් සැලකිල්ලට බඳුන් නොවු රසායනික සංයුතිය භාවිතා කර තිබේ. එමඟින් සහ ජල විදින තාක්ෂණයෙන් නිල් පැහැති පැහැදිලි මුද්‍රණයක් ලැබේ. එක වරකට නිල්, අධෝරක්ත, රත්තරන් සහ දම් යන වර්ණ වලින් මුද්‍රණය දැනට ලබා ගත හැකිය. ඉදිරි පියවරයන් ලෙස මුද්‍රිතයේ තත්වය උසස් කිරිම සහ මැකියාම ප්‍රමාද කිරීම දියුණු කළ යුතුය. උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාව සමහර මුද්‍රණ යන්ත්‍ර සඳහා වර්ධනය කිරීමටද අවශ්‍ය වේ. කඩදාසි හානිකර නොමැති නමුත් ඩයි (DYE) වල දීර්ඝ කාලීන ක්‍රියාකාරීත්වය සොයා බැලීමට නිර්මාණ කරුවෝ කටයුතු කරති.

උපුටා ගැනීම :-  http://www.abc.net.au/science/articles/2014/01/29/3933872.htm  ABC news & Science                      

    “water - get” printer