පාදයට නව සමක් ලෙස සැකසු සපත්තු යුගලයක් ආනාගත ධාවන ශූරීන්සඳහා අච්චු ගැසිමට දැන්
හැකි වී තිබේ. පීඩනය, චලනය හා ඝට්ටනයට හොදින් ප්‍රතිචාර දක්වන සපත්තු කෘතිම
ජෛව අමුද්‍රව්‍ය වලින් සදා ඇත. සපත්තුවේ
කඩතොළු වීම සපත්තුව විසින්ම සකස් කිරිම
සහ අවශ්‍ය විට අමතර කුෂන් ප්‍රමාණයක් ඇති කිරිම කර ගනු
ලැබේ.
ලන්ඩන්හි සැලසුම්කරු හා පර්යෙෂක සවීස් ආඩෙච් විසින් ස්වයං අළුත්වැඩියා සංකල්පය සහිතව ත්‍රිමාන මුද්‍රණය
කරන සපත්තු සංවර්ධනය කර තිබේ. ඡායා සෛල තාක්ෂණයෙන් (Protocell) සැදු අමුද්‍රව්‍ය
වලින් සපත්තු නිපදවා ඇත. සැබැ සෛල ජෛව වගා
කිරීමෙන් සකස් කර ගන්නා බැවින් අදාල සම් වර්ගය සජීවි නොවුනද ඒවාට විවිධ අමතර
ගුණාංග එක් කළ හැකි වී
තිබේ. පීඩනයට ,ආලෝකයට සහ උෂ්ණත්වයට යෝග්‍ය
ලක්ෂණ ඇතුළත් වේ.
විවිධාකාර ධාවන තිරු හා ස්වභාවය නිසා ධාවනයේ යෙදෙන විට ඇතිවන හෝ සැපයෙන
පීඩනය අනුව සපත්තුව ඉපිලීම හෝ හැකිලීම සිදුවේ. එනිසා ධාවකයාට ධාවනය යෙදිම
පහසු වේ.
ජීව සපත්තු ඡායා
සෛල ධ්‍රාවනය සහිත බුජමක තැබීම අවශ්‍ය වන්නේ ධාවනයෙන් පසු ඡායා
සෛල වල ශක්තිය හීන විය හැකි බැවිනි. පැලැටීයක් රැකිම සහ පැලැටියේ ස්වභාවික ගුණය පවත්වාගෙන
යන ලෙස සපත්තු ආරක්ෂා කිරිම සිදුකළ යුතුය. සපත්තු බුජමෙදි වර්ණ
ගැන්විම සඳහා ආහාර සඳහා භාවිතා කරන වර්ණක වුවද භාවිතා කළ හැකිය.
නිර්මාණකරු මෙම සංකල්පය පිළිබඳව ඡායා සෛල තාක්ෂණ දැණුම සමඟ ජනතාව දැණුවත් කරන අතර දැනට ධාවන සපත්තු
මුලකෘති මට්ටමේ වේ.
උපුටාගැනීම:
No comments:
Post a Comment