Wednesday, May 28, 2014

පිළිකාව නිවසේදී පහසුවෙන් හඳුනා ගනිමු


ශරීරය තුළ ඇති පිළිකාවන් නිවසේදී හඳුනාගත හැකි තාක්ෂණය පිළිබඳව තොරතුරු වාර්තා වේ. එය මාතෘභාවය පිළිබඳ පරීක්ෂණයට සමාන සරලපරීක්ෂණයක් වේ. මෙම පරීක්ෂණය කඩදාසි තීරුවක් මත මුත්‍රා තැවරීමෙන් ක්‍රියාත්මක කළ හැකs. මෙම සරල ක්‍රමයෙන් මුල් අවධියේදීම බොහෝ පිළිකා හඳුනාගැනීමට ඉඩ සැලසෙන බැවින් එම මාරාන්තික රෝග වලින් සුවවීමේ හැකියාවද උදාවේ.
පිළිකා හා හෘද රෝග භියකරු ලෙස සංවර්ධිත හා සංවර්ධන වන රටවල් වල ව්‍යාප්ත වීම සිදුවේ. මිනිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා හැකි තරම් කඩිනමින් මුල් අවධියේදීම පිළිකා සහ හෘද රෝග පිළිබඳ දැනගැනීම ඉතා වැදගත්වේ යැයි ඇන්ඩ්‍රෘ වරක් පවසයි. මැසචුසෙටිස් තාක්ෂණ ආයතනයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් වන ඇන්ඩ්‍රෘ වරක් මෙම පර්යේෂක කණ්ඩායමේ නායකයා වේ.

 ක්ෂය රෝගය සහ ඒඩ්ස්  වැනි සමාජ රෝග වලදී ලැබෙන සංඥා මෙන් පහසුවෙන් පිළිකා ප්‍රෝටීන වලින් ලැබෙන සංඥා හඳුනාගත නොහැක. නැනෝ පරිමාණයේ ජීවසලකුණු කාරකය (Bio Markers) පර්යේෂකයන් විසින් නිර්මාණය කර ඇත්තේ මෙම අපහසුතාවය වැළැක්වීමටය. රුධිර සංසර පද්ධතියට ජීවසලකුණු කාරකය (Bio Markers) එන්නත්  හැකිය.                                                                                    
සෑම ජීවසලකුණු කාරකයක්ම, පිළිකා සෛල මඟින් නිපදවන සුවිශේෂි ප්‍රෝටීන සමඟ ප්‍රතික්‍රියා කිරීමට හැකිලෙස නිර්මාණ කර තිබේ. ජීවසලකුණු කාරකය සහ පිළිකා සෛල  ප්‍රෝටීන එකිනෙක ප්‍රතික්‍රියා කිරීම නිසා ප්‍රෝටීනය, ජීවසලකුණු කාරකයේ කුඩා කොටසක් කපා ඉවත් කරයි. මුත්‍රා සමඟ ඉවත් වු කොටස ශරීරයෙන් බැහැර වේ.
ශරීරය තුළ ඇති පිළිකාවන් නිවසේදී හඳුනාගත හැකි නව පරීක්ෂය මාතෘ‍භාවය පිළිබඳ කරන පරීක්ෂණයක් ආකාරයට ක්‍රියා කරයි. මුත්‍රා සමඟ පිටවු ජීව සලකුණු කාරකයේ වත්වු කොටස විශ්ෂිත කඩදාසි තීරුවක මුත්‍රා තැවරීමෙන් කඩදාසි තීරුව මත දිස්වෙන විශේෂ සලකුණ නිසා හඳුනාගත හැකිය. එඅනුව පිළිකා සෛල ඇති බව පහසුවෙන් අවබෝධ වේ. කඩදාසි තීරුව, ජීවසලකුණු කාරකය හඳුනාගත හැකි ප්‍රතිජීවක වලින් ආලේපනය කර ඇතිඅතර පැය 1 ක පමණ කාලයක් සම්පූර්ණ ක්‍රියාවලියට ගතවේ.
Colon පිළිකා පමණක් නොව ලේ කැටිද ආලේපිත කඩදාසි තීරුවට හඳුනාගත හැකි බව PNAS සඟරාවේ පළවී තිබේ. හෘද රෝග ප්‍රවණතා පිළිබඳ ඉඟියක් ලේකැටි හඳුනා ගැනීමෙන් ලබාගත හැකිය. වොරන් පවසනපරිදි ජීවසලකුණු කාරක, විවිධ පිළිකා වර්ග හඳුනාගැනීම ඉලක්කකොට  නිපදවිය හැකි වේ. මිනිසුන්ගේ භාවිතය සඳහා මෙය වෙළඳපොළට ලබාදීමට පර්යේෂක කණ්ඩායම කටයුතු කරමින් සිටියි.
පිළිකා හඳුනාගන්නා කඩදාසි තීරු තාක්ෂණය ඉතා වැදගත් බවත් දුගී ජාතින් ලබාගැනිමේ හැකියාව සහිත එවැනි වෛද්‍ය තාක්ෂණයන් තවත් තිබෙන බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවරියක් වන ලිනා නිල්ස්සන් ප්‍රකාශ කරන්නීය. එහෙත්  ලෙඩ රෝග හඳුනාගත හැකි පහසු ක්‍රම ඇති වුවද හඳුනාගත රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සැලසී නැත. ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව නොමැති වීම නිසා මිනිසුන්ට තදබල රෝග ඇතිබව දැනගැනීමට පහසුකම් සැලසීම ගැටළුකාරි බව ලිනා තවදුරටත් පැවසුවාය.
  උපුටාගැනීම:

Monday, May 26, 2014

සුළඟින් ධාවනය වන වාහන


වාහන ධාවනයට විකල්ප බලශක්ති  අවශ්‍යතාවය ඉන්ධන බලශක්ති අවසාන වන බැවින් මතුවී තිබේ. සැමදා පවතින සාමාන්‍ය වායු (සුළඟ)  පිරිසිදු, නොමිලේ ලබාගත හැකිය. එහෙත් සුළඟින්  බලය ලබා ගැනීම සඳහාද බලය අවශ්‍ය වේ. බලය ලබාගත හැකිවන්නේ සුළසම්පීඩනයෙන් නිසා වාහන ධාවනය සම්පූර්ණ සුළ යොදාගැනීම අපහසු වී ඇත. ප්‍රංශයේ PSA Peugeot Citroen රථවාහන නිෂ්පාදන සමාගමේ ඉංජිනේරුවෝ දෙදෙනෙකු ප්‍රකාශ කරනුයේ තාක්ෂණ ක්‍රම දෙකක් එක් කිරීමෙන් මෙම අභියෝගය ජයගත හැකි බවයි.

 මේ සඳහා වායු /gasoline engine සහ ද්‍රාව තාක්ෂණය (hydraulics) යොදා ගැනේ. දෙමුහුන් වායු වැඩ සටහනක් (Hybrid Air Program) නව සංකල්ප අත්හදා බැලීම සඳහා  2010 වසරේදී ක්‍රියාත්මක කරන ලදී. මෝටර් රථ එංජිමක්  වාණිජ අහස් යාත්‍රාවක ද්‍රාවක පද්ධතියට සම්බන්ධ කර ඇත. අපේ උත්සහය සාර්ථකත්වය විශ්වාස කළ නොහැකි ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යෑම යැයි ඉංජිනේරු කරීම් මොකඩම් පවසයි.

ද්‍රාවක පොම්ප සහ piston භාවිතා කර ටැංකියක් තුළ හයිඩ්‍රජන් වායුව සම්පීඩනය සිදු කරන දෙමුහුන් සුළං බල දුම්රිය (Hybrid Air Power train) මොකඩම් හා ඇනිඩ්‍රිව්යාස් විසින් නිර්මාණය කරන ලදි. මෙය අධිපීඩන සමාවායකය/ accumulator නම් වේ. ත්වරකය (Accelerator) පැඟීමෙන් පීඩිත වායු මුදා හැරේ. මුදා හැරුණු වායුව නිසා  ද්‍රව පොම්පය තුල ද්‍රාවක ආපසු ගමන් කරයි. මේ නිසා රෝද සඳහා බලය ලබාදෙ මෝටරයක් ලෙස පොම්පය ක්‍රියා කරයි. අවසානයේදී  ද්‍රාවක ද්‍රව දෙවන ටැංකියේ තැන්පත් වේ.

සුළං සහ වායු (Air & Gas) බල වලට සාමාන්‍ය ධාවනයේදී පද්ධතිය මාරුවීම සිදුවේ. වායු එංජිම (gasoline engine) අධිවේගී මාර්ග වලදී,ඳු වලදී  අමතර බලය සැපයී දෙමුහුන් විදුලි බල වාහන වලට අනුරූප වේ. ප්‍රතිජීවන තිරිංග පද්ධතිය ක්‍රියාත්මකවීම සිදුනොවුනහොත්, එය හයිඩ්‍රජන් ටැංකිය ප්‍රතිපීඩනය කරයි. මුළු ධාවනයෙන් 60% - 80% ක් අතර ප්‍රමාණයක් සුළ මඟින් ධාවනය වී පැයට සැතපුම් 43 ක වේගයෙන් ධාවනයවීමේදී සිදු වන බව ඉංජිනේරුවරු පවසති.

දෙමුහුන් සුළංබල දුම්රිය, වායු-විදුලි එංජිම් (gasoline-electric engine) සමඟ සංසන්නයේදී  සැහැල්ලු සහ ලාභදායී වේ. එහි විශාල බැටරි නොමැතිය.එමගින් විශාල ඉඩ ප්‍රමාණයක් මගීන් හා භාණ්ඩ සඳහා ඉතිරි වේ. වාහනයේ ජීව කාලය තුළදීම නඩත්තුවකින් තොරව ක්‍රියාත්මක වීමට හැකි ලෙස පද්ධතිය නිර්මාණය කර ඇත. සමහර විට සුළං ප්‍රතිආරෝපය කිරීම පමණක් සිදු කිරීම අවශ්‍යවනු ඇත.
PSA Peugeot Citroen සමාගම සුළඟ (සාමාන්‍ය වායු) මගින් ධාවනය වන වාහන නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබී යාස් සහ මොකඩම්ගේ සැලසුම් සාර්ථක බව සනාථ කිරීමකි. වසර 2015 දී යුරෝපීය හා ජාත්‍යන්තර වෙළඳපොළට දෙමුහුන් සාමාන්‍ය වායු  බල දුම්රිය ඉදිරිපත් කරන බව සමාගම පවසයි. සුළං මෝටර් රථ මිල සාමාන්‍ය මෝටර් රථ මිල ගණන් වලට සමාන වනු ඇතැයි සඳහන් වේ.

උපුටාගැනීම:
Source-University of Illinois   
The Car That Runs On Air      http://www.popsci.com/article/cars/car-runs-air

Friday, May 23, 2014

මිළඟ ග්‍රාහක ගැටුමට පෘථිවිය සහ ජීවීන් සුදානම්ද?

උල්කාපාත පෘථිවිය මත අනපේක්ෂිතව පතිත වී පෘථිවිය සහ ජීවීන් විනාශ වනු ඇතිද? රුසියාවට මෑතකදී පතිත වු උල්කාපාතය මගින් සිදුවු හානි විශාල නොවුනත් උල්කාපාත පෘථිවිය මත අනපේක්ෂිතව පතිත විය හැකි බව හඟවයි.එවැන්නක් කළින් හඳුනා ගැනීමට හෝ වළක්වාගෙන සිදු වන හානි අවම කර ගැනීමට ක්‍රමයක් තිබේද? ග්‍රහවස්තු වලින් පෘථිවිය සහ ජීවීන් ආරක්ෂා විම සඳහා  අනතුරු හැඟවීමේ වැඩ පිළිවෙලක්  පිළිබඳ අධ්‍යනයක් මෑතකදී සිදු කර තිබේ. එහෙත් මෙම අනතුරු හැඟවීමට පසුගිය වසරේදී රුසියාවේ Chelyabinsk වෙත පැමිණි ප්‍රමාණයේ ග්‍රහ වස්තු හෝ උල්කාපාත හෝ අභ්‍යවකාශයේ පාෂාණ වලින් 50% ක පමණ ප්‍රමාණයක් හසුනොවනු ඇතැයි සඳහන් වේ.

 කෙසේවෙතත් මෙවැනි උල්කාපාත ගැටීම් සිදුවනුයේ ශත වර්ෂයකට දෙකක් හෝ තුනක් පමණක් වන අතර බොහෝවිට ඒවා සයුර මත හෝ ජනශුන්‍ය ප්‍රදේශ වලට පතිතවීම සාමාන්‍යයෙන් සිදුවේ. එනිසා එලෙස පෘථිවියට පතිත වන සියළු ග්‍රහවස්තු පිළිබඳව අනතුරු හැඟවීම ඵලදායි නොවේ.

මීටර 20 ක පමණ ප්‍රමාණයකින් යුක්ත උල්කාපාතයක් පෘථිවි වායුගෝලයට ඇතුළු වී Chelyabinsk වෙත 2013.02.15 වන දින අනපේක්ෂිතව පතිත වී TNT කිලෝටොන් 600 ක බලයකින් පුපුරා ගියේය. ජනෙල් වීදුරු බිඳි යෑමට තරම් ප්‍රබල කම්පන තරංග එමඟින් හටගත්තේය. මිනිසුන් විවිධ අනතුරු වලටද භාජනය විය. පෘථිවිය මත පතිත විය හැකි ග්‍රහ වස්තු/ උල්කාපාත / අභ්‍යවකාශයේ පාෂාණ පිළිබඳ අනතුරු ඇඟවීමේ ක්‍රමයක කඩිනම් අවශ්‍යතාවය මෙම සිද්ධිය විසින් තදබල ලෙස ඉස්මතු කරන ලදි.
පෘථිවියට ආසන්නයේ සුර්යයා වටේ කුඩා ග්‍රහ වස්තු මිලියන ගණනින් නිරතුරුව භ්‍රමනය වේ. ඉතා කුඩා ආලෝකයක් පරාවර්තනය කරන බැවින් එවැනි කුඩා ග්‍රහ වස්තු හඳුනාගැනීම හා අධ්‍යයනය ඉතා අපහසුය. ඒවා හඳුනාගැනීමට පහසුවන ප්‍රදේශයක දුරේක්ෂ තිබීම සැමවිටම අපේක්ෂා කළ නොහැකි බැවින් පෘථිවියට ආසන්න වු විට දී පවා හඳුනාගැනීම අපහසු විය හැකිය.


රාත්‍රියේදී කිහිපවරක්ම ආකාශය පුරා අවධානය යොමුකොට මෙවැනි ගැටිම් ඇතිකිරීමේ විභවයක් ඇති ග්‍රහවස්තු පිළිබඳ තොරතුරු පුළුල්-ක්ෂේත්‍ර දුරේක්ෂ (Wide–Field telescope) මගින් සපයනු ලැබේ. Chelyabinsk ප්‍රමාණයේ සහ ඊට විශාල වූ සහ පොළොව දෙසෙට ගමන් කරන ග්‍රහවස්තු පිළිබඳව සොයා බලන ATLAS telescope array (ඇට්ලස් දුරේක්ෂ පද්ධතිය) 2015 අවසාන භාගයේදී හවායි සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ව්‍යාපෘති ප්‍රධානි හොනලලුහි හවායි විශ්ව විද්‍යාලයේ ජෝන් ටෝකි පවසන්නේ පෘථිවිය හා ගැටිය හැකි වඩා කුඩා ග්‍රහවස්තු පිළබඳව මෙම පද්ධතිය ගැටීමට දින දෙකකට කලින් අනතුරු හඟවනු ලබන බවයි. මෙලෙස අනතුරු හැඟවීමක් මඟින් ජනතාවට ජනේල වලින් ඇත්ව සිටීමට Chelyabinsk වෙත ග්‍රහවස්තුව පතිත වීමට ප්‍රථම දන්වන ලද්දේ නම් සිදුවු අනතුරුවලින් 90% ක් වළක්වා ගත හැකිව තිබුණේ යැයිද දැක්වේ.

යුරෝපීය අභ්‍යවකාශය ආයතනය සැලැසුම් කරනුයේ දෙගුණයක් විශාල ගෝලිය ව්‍යුහයක් මඟින් අනතුරු හැඟවීම දින කිහිපයකට පෙර ලබා දීමට හැකි ක්‍රමයකි. එහෙත් මෙම භූගත ක්‍රමයෙන් දහවල් කාලයේ නිරීක්ෂණ හැකියාව ඉතා දුර්වල බැවින් අනපේක්ෂිතව ග්‍රහවස්තු ගැටීමේ අවධානම සම්පුර්ණයෙන් පහව නොයයි. අභ්‍යවකාශ යානා යොදා ගැනිම මේ සඳහා එකම විකල්ප ක්‍රමය බව කණ්ඩායම් සාමාජික රොබට් ජෙඩ්ක් පවසයි. එහෙත් ඒ සඳහා රුපියල් ට්‍රිලියනයකට  වඩා වැයවන්නේ යැයි සඳහන් වේ. ඒනිසා වඩා අඩු මුදලක් වැය වෙන ග්‍රහවස්තු ඉලක්ක කොට අභ්‍යවකා‍ශ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. සිකුරු මත දුරේක්ෂයක් සවි කිරීම සඳහා යෝජනා, සෙන්ටිනල් (Sentinel) නම් එවැනි පෞද්ගලික ව්‍යාපෘතියක් මඟින් අපේක්ෂා කරයි. පෘථිවියට ආසන්න අභ්‍යවකාශයේ NEOCam  නමැති තවත් දුරේක්ෂයක් රැඳවීමට NASA ආයතනය කටයුතු කරයි. පෘථිවිය හා ගැටෙන ග්‍රහවස්තු පිළිබඳ තොරතුරු මෙවැනි අභ්‍යවකාශ දුරේක්ෂ මඟින් ගැටීමට දස වසරකට පෙර ලබාදිමේ හැකියාව ඇති බව සඳහන් වේ.

·         උපුටගැනීම :
  

Thursday, May 22, 2014

ජලය පිරිසිදු කිරීම


ඔබට ජලාශ්‍රයක් වැනි ජල ප්‍රභවයක ජලය හදිස්සි විපතකදී හෝ පහසුකම් අඩු අවස්ථාවකදී භාවිතා කිරීමට සිදු විය හැක. එවැනි අවස්ථාවකදී පානය සඳහා ජලය පිරිසිදු කර ගැනිමට අවශ්‍ය රසායනික හෝ පෙරණ උපකරණ නොලැබෙණු ඇත. එවිට  පානීය ජලය සකස් කර ගත හැකි පහසු ක්‍රමයක් පහත දැක්වේ. ජලය උණු කිරිමෙන් හෝ පිසීමෙන් බෝහෝ විෂබිජ විනාශ කළ හැකිය.එහෙත් එමගින් වැලි සහ අංශු ඉවත් කිරීම අපහසුය වීම නිසා නොයෙක් රෝග පැතිර යනු ඇත. ඒ නිසා පෙරීමෙන්ද ජලය පිරිසිදු කිරීම අවශ්‍ය වේ. ජල පෙරණයන් අවට පරිසරයේ ඇති දේ මගින් සකසා ගැනීම හැකිය. පෙරීම මගින් අපිරිසිඳු ජලයේ ඇති වැලි අංශු සහ බොහෝ විෂබීජ විනාශ කළ හැකි වේ.

පියවර I
ප්ලාස්ටික් බෝතලයක අඩිය කපා ඉවත් කරගන්න. බෝතලයේ මුව පහළට හරවා මුඩිය වසා පහත ද්‍රව්‍ය එක් කරන්න.
1. බොරළු (කැට)        2. වැලි       3. රෙදි කැබැල්ලක්         4. අඟුරු
5. රෙදි කැබැල්ලක්     6. වැලි       7. බොරළු (කැට)
*        රෙදි කැබැලි ඒ අතරට යොදා විවිධ ද්‍රව්‍ය මිශ්‍ර වීම වැළැක්වීම.
*        ජලයේ ඇති අංශු සහ වෙනත් අපද්‍රව්‍ය බොරළු සහ වැලි මගින් ඉවත් කරයි.
*         ජලයේ  ඇති රසායනික වීශාල ප්‍රමාණයක් අඟුරු මගින් ඉවත් වේ. එහෙත් සියල්ලම නොවේ.
*        විෂබීජ ජලයෙන් ඉවත් කිරීමට මෙම පෙරණයට නොහැකිය. එහෙයින් පෙරාගත් පසු  පානයට ප්‍රථම ජලය හොඳින් උණුකරගත යුතුය.


පියවර II
ජලය ,ළිඳ හෝ ගඟ හෝ ජල මුලාශය යෙන් කෝප්පයට ලබාගන්න.එම ජලය සෙමින් බෝතලයකට වත් කරන්න. කුණු රොඩු මගින් පෙරණය ඉක්මණින් භාවිතා කළ නොහැකි තත්වයට පත්වන බැවින් හැකිතාක් කුණු රොඩු නොමැති ජලය කොප්පයට ලබාගැනීමට අවශ්‍යය. පෙරා ලබාගත් මුල් වතුර කොප්පය විසි කිරීම වඩා සුදුසුය. මුල් වතුර කොප්පය බොහෝ විට අපැහැදිළි වනු ඇත. පැහැදිලි ජලය පෙරණයෙන් ලැබෙන විට එය භාවිතය සඳහා සුදුසුය. එලෙස ලබාගත් ජලය විනාඩි 1 ක් පමණ උණුකර ගැනීමෙන් බොහෝ විෂබීජ විනාශ වී පානය සඳහා සුදුසු වේ.

උපුටාගැනීම : http://www.instructables.com/id/How-to-purify-your-water/