Thursday, March 6, 2014

මඟ පෙන්වන කබාය

මෝටර් රථ,ජංගම දුරකථන සඳහා පිහිටි ස්ථානය නිවැරදිව දැනුම් දෙන GPS තාක්ෂණය භාවිතා වන බව අප දන්නා කරුණකි. එහෙත් ඇඳුමක් (Jacket) GPS තාක්ෂණය පාදක කරගත් බව ඔබ අසා තිබේද? ඔබ යම් ස්ථානයක් සොයමින් යන විට අදාල තොරතුරු ඔබ තිරයකින් නැරඹිය යුතුය. එනම් ඔබගේ ඇස් වරින්වර තිරය මතද මහා මාර්ගයටද යොමු කළ යුතු වේ.මෙම ක්‍රියාව අර්ධ අන්ධතාවයකින් මහා මාර්ගයේ ගමන් කිරීමක් වැනිය. GPS තාක්ෂණය පාදක කරගෙන නැවිගේට් කබාය (Navigate jacket) නිර්මාණය කිරීම මඟින් මෙම අපහසුතාව දුරු කර තිබේ. ඔබ අදාල දිශාවට හා ගමන් මාර්ගයට එහි ඇති LED බල්බ මඟින් යොමු කරවයි.


ඔස්ට්‍රේලියාවේ ඇඳුම් නිෂ්පාදන සමාගමක් වූ Wearable Experiments (We-ex) විසින් “Navigate” (නැවිගේට් කබාය) නිෂ්පාදනය කර තිබේ. බාහිරෙන් සාමාන්‍ය ඇඳුමක් ලෙසම දිස්වුවද මෙය ශරීරයේ පැළදිය හැකි උපකරණයකි. තාක්ෂණය එන්නත් කළ ඇඳුමක් ලෙස මෙම මෝස්තරය ඉදිරිපත් කරන මෙම සමාගම දෘඩාංග, මෘදුකාංග සහ ඇදුම් සැලසුම් කරයි .

නගරයේ ඇවිදීම, බයිසිකල් පැදීම සඳහා භාවිතා කළ හැකි ලෙස Navigate කබාය නිර්මාණය කර ඇත. Smart phone එකක්, කබාය සමඟ ක්‍රියාකරන එහි මොළය ලෙස භාවිතා කර තිබේ. මෙම යෙදුම(application) මඟින් කබායේ ඇති LED බල්බ දීප්තිමත්වීමෙන් හැරවුමෙන් හැරවුම සඳහන් කරන මාර්ගෝපදේශක දත්ත දර්ශනය වේ. මඟියාට පහසුවෙන් හඳුනාගත හැකි ලෙස කබායේ දිගු අත්වල ඇති LED බල්බ මාර්ගෝපදේශ අනුව දැල්වේ. LED මඟින් කුමන පියවරේද, කොතරම් දුරකින් ඊළඟ හැරවුම තිබේද යන්න දන්වා සිටියි. කුමන දිශාවටම ගමන් කළ යුතු දැයි කම්පනය මඟින් දන්වනු ලැබේ.

ඉදිරියේදී පාරිභෝගිකයාගේ රුචිය පරිදි වෙනස් වන එහි දැනට සුදු ආලෝක දැල්වන LED පමණක් ඇත. බාහිර පෙනුමේ කිසිදු විශේෂත්වයක් නොමැතිව කබාය සහ GPS තාක්ෂණය සම්බන්ධකිරීමට We- ex ආයතනයට හැකි වී තිබේ. යුරෝපයේ නගර වල අලෙවිය සඳහා මෙහි නිෂ්පාදන කටයුතු සිදු වේ.

උපුටාගැනීම: 


NAVIGATE jacket brings GPS to life with LED lights and haptic feedback  By C.C. Weiss

No comments:

Post a Comment