Thursday, March 6, 2014

ආහාර වල වස විෂ පෙන්වන Tell spec

පිරිසිදු, වර්ණවත්, ඉඳුණු පළතුරු, ගුණවත් එළවළුවල කෘමිනාශක අඩංගු දැයි එකවරම හඳුනාගත හැකි උපකරණයක් නිපදවා තිබේ. ටෙල් ස්පෙක් /TellSpec නම් මෙම උපකරණය ගණිතඥ ස්ටේෆෝන් වොට්සන් සහ ඉසබල් හෝෆමන් විසින් නිෂ්පාදනය කර ඇත. ආහාරය දෙසට යොමු කිරීමෙන් ආහාරයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි TellSpec අතේ ගෙන යා හැකි කුඩා උපකරණයකි. ඔබ විසින් පරිභෝජනය නොකළ යුතු එහෙත් ආහාර වල අඩංගු රසායනික, ආසාදිතයන්  සහ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ක්ෂණීකව ඔබට ලබාදේ. ආහාරයෙන් ඔබට ලැබෙන විටමින් ප්‍රමාණය සහ ආහාර වල සංවේදිතාව යන කරුණුද දන්වා සිටියි. පිඟානක ඇති පිසු ආහාර පමණක් නොව එළවළු පළතුරු පිළිබඳ තොරතුරු ද ලබා ගත හැකිය. ඉතා පහසුවෙන් අනුභව කිරීමට සුදුසු ආහාර තෝරා ගැනීමේ හැකියාව මිනිසුන්ට ලබාදීම තම ඉලක්කය බව සමාගම ප්‍රකාශ කරයි. තමන්ට ලැබෙන ලිපි කියවා බලා තේරුම් ගන්නා සේ එය පහසුය. “පාරිභෝගිකයා දැනුවත් කිරීමට ආහාර ඇසුරුම් වල සඳහන් තොරතුරු වලට අමතරව ඇත්ත වශයෙන්ම ඒවායේ අඩංගු දේ පිළිබඳ තොරතුරු ලබාදීම, අසාත්මිකතා ඇති අයට අනතුරු ඇඟවීම සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර අනුභවය ප්‍රවර්ධනය කිරීම මෙහි නිර්මාණකරුවන්ගේ අභිප්‍රාය බව ප්‍රකාශ වේ.   
                                                                                                
මෙම TellSpec, Cloud පරිගණක ක්‍රමය පාදක කර ගත් සුවිශේෂ ගණිත ප්‍රතිලේඛන ක්‍රමය, සරල  Smart phone යෙදුම සහ කුඩා රාමන් වර්ණාවලිමානය (Raman Spectrometer) යන උපාංග වලින් සමන්විත වේ. වෙළඳ සැලක රාක්කයක හෝ පදික වේදිකාවේ ඇති ආහාර වල හෝ පිඟානක ඇති පිසු ආහාර වල හෝ පෙර සඳහන් තොරතුරු ලබා ගැනීම සඳහා සරල TellSpec ආහාරය දෙසට යොමුකර බොත්තමක් එබීම ප්‍රමාණවත්ය. අඩු බලැති කිරණයක් ආහාරය දෙසට ගමන් කර පරාවර්තින ආලෝක කිරණවල තරංග ආයා වලින් ආහාර සැකසි ඇති රසායනිකයන් උපකරණය මඟින් හඳුනා ගනී.
 
විශ්ලේෂක යාන්ත්‍රණයට දත්තයන් ලබාදෙනු ලැබේ. එහිදී අදාල වර්ණාවලි සමඟ තොරතුරු සන්සනදනය කිරීම, ප්‍රතිඵල දත්ත ගබඩාවකින් අර්ථකතනය කිරීම සහ භාවිතා කරන්නාගේ  Smart phone  වෙත අවසාන නිගමන ලබාදීම ්‍රියාත්මක වේ. මෙම උපකරණයට ආහාර වල මතුපිට Scan කිරීමෙන් ආහාරය සහ එහි අන්තර්ගත ද්‍රව්‍ය ආසන්න වශයෙන් 97.7% ක් නිවරදිව හඳුනා ගැනීමට හැකි බව හොෆමන් ප්‍රකාශ කරයි.

මතුපිට ඇති විනිවද පෙනෙන සුළු බව වැඩිවන විට ආහාර වඩාත් නිවැරදිව හඳුනාගත හැකි වේ. Twinkie සඳහා භාවිතා කරන්නාට දෙවරක් Scanිරීමේ පහසුව තිබේ. වඩාත් නිවැරදි ප්‍රතිඵල සඳහා පළමුව මතුපිට දෙවනුව  Twinkie  වල මධ්‍යද  Scan කිරීම සුදුසුය.

TellSpec ට අමුද්‍රව්‍ය අසීමිත ප්‍රමාණයක් හඳුනාගත හැකි නමුත් මුලික දත්ත ගඩඩාව සඳහා ආහාර වර්ග 3000 ක් පමණ අඩංගු අමු ද්‍රව්‍ය හඳුනාගෙන ගබඩා කර තිබෙන බව හොෆ්මන් සඳහන් කරයි. භාවිතා කරන්නන්ගේ  වර්ධනයත් සමඟ භාවිතා කරන්නාට අවශ්‍ය දත්ත එයට ඇතුළු කිරීමට සහ මෙම දත්ත ගබඩාව වැඩි දියුණු කිරීමද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. Open Source/විවෘත ප්‍රභවයක සියළු තොරතුරු පවතින ලෙස සකසා තිබේ. හොෆ්මන්ගේ අපේක්ෂාව නම් මෙම ආහාර දත්ත ගබඩාව, සෑම එක් පුද්ගලයකුගේ අවශ්‍යතාවය දන්වන මට්ටම දක්වා වර්ධනය වීමයි. තවද අනුභව කරන ආහාරවල ප්‍රමාණය දැක්වීමට සහ අනුභවයෙන් පසු ඇතිවන ආසාත්මිකතාවයට  හේතු දැක්වීමට හැකි ලෙස මෙම උපකරණය සංවර්ධනය කිරීමට ඔහු බලාපොරොත්තුවේ.

උපුටාගැනීම :
 TellSpec hand-held scanner identifies what's in your food  By Lakshmi Sandhana December 23, 2013    http://www.gizmag.com/tellspec-food-scanner/30221/

No comments:

Post a Comment