Thursday, March 6, 2014

වැළැක්විමට අපහසු මාර්ග අනතුරු වැළැක්වීම

කළුතර - හොරණ ප්‍රධාන මාර්ගයේදී පස්හැවිරිදි දරුවෙක් යතුරු පැදියක ගැටී ජිවිතක්ෂයට පත්වීම මෑතකදී වාර්තා විය. මෙම ඛේදවාචකය සිදුවුයේ තම නිවසේ පැවැත්වෙන පිරිත් දේශනාවක් සඳහා සැරසිලි කටයුතු කළ පියා සමඟ සිටි කුඩා පුතු එකවර ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීමෙනි. ජර්මනියේ Technische  Universidad Monessen  විශ්ව විද්‍යාලය මඟින් මෙවැනි වු බොහෝ අනතුරු වැළැක්විය හැකි ක්‍රමයක් නිර්මාණය කර තිබේ. රියදුරුට නොපෙනෙන පදිකයින් හදුනා ගැනීමට පවා මෙම පද්ධතියට හැකිය. වාහනයේ දර්ශන පථයේ සිටින පදිකයින්ගේ සහ පාපැදි කරුවන්ගේ හදිසි චලනයන් සඳහා ක්ෂණිකව ස්වයංක්‍රියව ප්‍රතිචාර දක්වන වාහනය තුළ ඇති රේඩාර් පද්ධතියක් දැනටමත් වොල්වෝ ආයතනය විසින්  සංවර්ධනය කර ඇත.
පදිකයින් සහ පාපැදිකරුවන් සමඟ ඇති සම්ප්‍රේෂකයක් හා සම්බන්ධවී කටයුතු කරන නව ක්‍රමය Ko – TAG නම් වේ. පැළදිය හැකි ඉතා කුඩා උපකරණයක් හෝ ජංගම දුරකථනයේ ඇති කොටසක් ලෙස මෙම  trans ponder (සම්ප්‍රේෂක) සකස් කර තිබේ.
නිරතුරුව කේතගත සංඥාවක් වාහනය සම්ප්‍රේෂණය කරයි. පථමයෙන් වාහනයෙන් සංඥාවක් නිකුත් වේ. දර්ශන පථයෙන් බාහිරව සිට හෝ වාහනය ආසන්නයේ සිට පදිකයා පැමිණෙන විට ඔහුගේ සම්ප්‍රේෂකය නිසා පරාවර්තනය වී පැමිණෙන එම සංඥාව වාහනය හඳුනා ගනියි.එවිට රථය හදිසි අවස්ථා සුදානම් තත්වයට පත් වේ. වාහනයේ සහ පදිකයාගේ චලන දිශා හා වේග පිළිබඳ  සුවශේෂි බව නියාමනය කර අවශ්‍යතාවය මත සංඥාව රියදුරුගේ අනුදැනීමෙන් තොරව වුවද සැණින් ස්වයංක්‍රියව තිරිංග යෙදීමට කටයුතු කරයි.
වාහනය හා පදිකයා අතර පරතරය, රථයේ GSP ක්‍රමය උපයෝගී කර ගනිමින් සෙන්ටිමීටර කිහිපයක දී මෙන්ම මයික්‍රො තත්පර (තත්පරයෙන් දසලක්ෂයකින් පංගු) කාලයකදී හඳුනාගෙන රථය හා පදිකයාගේ ගැටීම තිරණය වී එය වළක්වයි. රේඩාර් පාදක කරගත් ක්‍රමයමෙන් නොව මෙම ක්‍රමයේ සුවීහේෂිභාවය  නම් මෙමඟින් දර්ශන පථයේ නොසිටින පදිකයින්ද ආරක්ෂා වීමයි. එනම් පදිකයා වාහනය නොදැකීම හෝ රියදුරු පදිකයා නොදැකීම යන අවස්ථාවල සිදුවන මාර්ග අනතුරු වැළැක්වීමයි. එමඟින් ආරක්ෂාව ලැබෙන්නේ මිල කළ නොහැකි ජිවීත වලටයි. නවතා ඇති වාහන හෝ බාධක අකරින් පදිකයින් මාර්ගයට අවතීර්ණ වන අවස්ථා සහ පෙර දැක්වු සිදුවීම මේසඳහා උදාහරණ ලෙස සැලකිය හැකිය.
උපුටා ගැනීම
 New system warns drivers of pedestrians, even when they're not in view, By Ben Coxworth  
http://www.gizmag.com/ko-tag-pedestrian-cyclist-collision-detection/30561/

No comments:

Post a Comment