Tuesday, November 26, 2013

සමතුල වෛද්‍ය පරීක්ෂණාගාරය

නිරෝගී දිවියක් සඳහා රුධිර ධාවනය, ශරීර උෂ්ණත්වය, හෘද ස්පන්ධන වේගය, රුධිර සීනි ප්‍රමාණය වැනි වෛද්‍ය පරීක්‍ෂණ තොරතුරු ඉතා වැදගත් වේ. නිරතුරුව මෙම තොරතුරු අධ්‍යයනය කර අසාමාන්‍ය තත්වයන් වාර්තා කිරීමට හැකි සංවේදකයක් සම තුල තැන්පත් කිරීමට විද්‍යාඥයෝ සමත් වී තිබේ.

මෙම සංවේදකය ශරීරයට එන්නත් කර වසරක් පුරා සම තුල සිටිමින් ශරීර සෞඛ්‍ය පමණක් නොව පාරසරික වෙනස්කම්ද  (අපවිත්‍ර වායු) හඳුනාගත හැකි ලෙස ප්‍රතිලේඛනය කර ශරීරයට එන්නත් කළ හැකි සංවේදකයක් නිපදවීමට පර්යේෂණ කණ්ඩායම යුහුසුළු වෙයි.

MIT ආයතනයේ රසායනික ඉංජිනේරු පර්යේෂක නිකෝල් ඉවසන් විසින් කාබන් නැනෝටියුබ් වලින් මෙම සංවේදක සංවර්ධනය කිරීමට සමත් වී තිබේ. මීයන් තුල සංවේදක තැන්පත් කර එහි ක්‍රියාකාරීත්වය ඇය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.

අධෝරක්ත ආලෝකයෙන් දීප්තිමත් විය හැකි නිසා නැනෝ ටියුබ් මේ සඳහා වඩාත් යෝග්‍යය වේ. NO (නයිට්‍රික් ඔක්සයිඩ්) සඳහා සංවේදී DNA තුල කාබන් නැනෝ ටියුබ් ඇතුලත් කර, කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව ක්‍රියා කළ හැකි සංවේදක 2 ක් ඉවසන් විසින් සංවර්ධනය කර ඇත. කෙටි කාලීන සංවේදකය ශල්‍යකර්ම වලදී දක්වන ප්‍රතික්‍රියා සඳහාද දීර්ඝකාලීන සංවේදක පිළිකාව, දියවැඩියාව, ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා, කෘතිම සන්ධි සඳහාද භාවිතා වේ.
එන්නත් කළ හැකි සංවේදක සඳහා DNA වලින් ආවරිත නැනෝ ටියුබ් වලට Polymer එන්නත් කර ඇත්තේ රුධිරය සමඟ සම්බන්ධ වී හෘද වස්තුව, පෙනහළු හරහා ආබාධයකින් තොරව ගමන් කිරීමට හැකි වන ලෙසටය.

 //  JESSE EMSPAK

No comments:

Post a Comment