Monday, November 11, 2013

සමේ රෝග කියන කැමරාව

විවිධ හේතු (ව්‍යාධිජනනය) නිසා වනාන්තරයේ ඇති වී තිබෙන ලප කැලැල් භූදර්ශන ජායා රූප වල අවිධිමත් බවින් අනාවරණය කර ගත හැකි තාප සංවේදී අධි තාක්‍ෂණික කැමරා, දැන් චර්ම රෝග හඳුනාගැනීමට භාවිතා කළ හැකිය.

වෛද්‍යවරු සාමාන්‍යයෙන් චර්ම රෝග විනිශ්චය කරනුයේ රෝගයේ සම මත පැතිරීම, රක්ත වර්ණ වීම, ඝන වීම, ශල්කියවීම (කොරපොතු ස්වාභාවය) වැනි කරුණු නිරීක්‍ෂණය කිරීමෙනි. ඒවා නිරීක්‍ෂණය බොහෝසේ විෂයානුබද්ධ වේ. මෙම නව කැමරා තාක්‍ෂණය රෝග විනිශ්චය සඳහා වඩා නිවැරදිව භාවිතා කල හැකිදැයි, නිව්යෝක්හි රොචෙස්ට විශ්ව විද්‍යාලයේ ප්‍රැන්සිස්කෝ ටොස්ක් හා රොචෙස්ට තාක්‍ෂණ ආයතනයේ ඔහුගේ කණ්ඩායම විසින් පරීක්‍ෂා කරනු ලැබේ.
ආබාධිත සම අභ්‍යන්තරයේ රුධිර සංසරණය වේගවත් වීමෙන් සිදුවන උණුසුම් වීම මඟින් රක්ත වර්ණ වීම ප්‍රමාණාත්මකව හඳුනාගැනීමට මෙම තාප කැමරා සමත් බව මූලික පරීක්‍ෂණ වලදී අනාවරණය වී ති‍බේ (රූපය බලන්න).


පාරජම්බු ආලෝකකිරණ ඡායාරූප වල ආබාධිත කොටස් දීප්තිමත්ව සටහන් වීම මඟින් සම තුල දීප්තිය ලබා දිය හැකි ඇමයිනෝ අම්ල අඩංගු බව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. මෙම අවස්ථා දෙකෙහිදීම මතුපිට සම පියවි ඇසට නිරෝගී සමක් ලෙස දිස්වෙන බැවින් කැමරාවට චර්ම රෝග වර්ධනය විය හැකි ස්ථාන පිළිබඳව වඩා සියුම් ලෙස ඉඟි පළකල හැකිවේ.
චිකිත්සාගාර පර්යේෂණ සඳහා පර්යේෂණ කණ්ඩායම මූල්‍ය ආධාර අපේක්‍ෂා කරයි.

උපුටා ගැනීම : New Scientist – Health Magazine, August

http://www.newscientist.com/article/mg21528785.500-imaging-cameras-detect-severity-of-skin-problems.html#.Ul0R2pJHIbU

No comments:

Post a Comment