Monday, November 4, 2013

කඩදාසි වලින් සත්‍ය පරිගණක

කඩදාසි පරිගණකය. එයින්ඉරා ගත් කඩදාසි කැබැල්ලක් පරිගණකයේ කොටසක් ලෙස වෙනත් කෙනෙකු පාවිච්චි කිරීම ඔබට පිළිගත හැකිද? ඉලෙක්ට්‍රොනික පරිපථ වල සන්නායක රිදී රේඛා ඉතාමත් සාර්ථකව කඩදාසි මත මුද්‍රණය කිරීමට ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ යොෂිහිහිරෝ කවහාරා ඇතුළු කණ්ඩායම සමඟ එක්වූ එංගලන්තයේ කේම්බ්‍රිජ් හි මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්ටීව් හොග්  හැකි විය. සරල පරිගණක Inkjet ප්‍රින්ටරය ඔවුන් මුද්‍රණය සඳහා භාවිතා කර, රිදී නැනෝ අංශු  වලින් සමන්විත තීන්ත භාවිතා කර ඇත. කවහාරා කඩදාසියේ මුද්‍රිත moisture sensor (තෙතමත සංවේදකයක්) ස්විස්ටර්ලන්තයේ පැවැති සම්මන්ත්‍රණයකදී පසුගියදා ක්‍රියාත්මක කර පෙන්වන ලදි.




විවිධ නව ඉලෙක්ට්‍රොනික පරිපථ හුදෙක් මුද්‍රණයෙන් ලබා ගෙන අත්හදා බලා, වැඩ නොකරන්නේ නම් විසිකර දැමීමේ අවස්ථාව උදා වීම නිසා විනෝදයක් ලෙස නව ඉලෙක්ට්‍රොනික පරිපථ නිරුමාණකරුවන් නව නිර්මාණ ඉදිරිපත් කරනු ඇතැයි කවහාරා විශ්වාසය පළ කරයි. තවද ත්‍රිමාණ මුද්‍රණයෙන් ඉලෙක්ට්‍රොනික පරිපථ මුද්‍රණය කිරීමේ අපහසුතාව මෙමඟින් මඟ හැරී තිබේ. ටෝකියෝ හි මිටිෂුබිසි කෙමිකල් ආයතනය මෑතකදී සංවර්ධනය කරන ලද silver suspension (අවලම්භිත රිදී ) තීන්ත භාවිතා කර රු. 10,000/- ක පරිගණක Inkjet ප්‍රින්ටරයකින් ජායාරූප මුද්‍රණ කඩදාසි මත ඉලෙක්ට්‍රොනික පරිපථ හොඳින් මුද්‍රණය කළ හැකි බව කවහාරා  ප්‍රකාශ කරයි. අංශු වල ප්‍රමාණය,දුස්ස්‍රාවිතාව සහ මතුපිට ආතතිය, පැතලි රිදී සන්නායක කඩදාසිය මත මුද්‍රණයට සුදුසු තත්වයේ පවතින අතර තීන්ත වල ඇති රිදී අංශු නිදහස් කිරීමට එය රත් කිරීම අනවශ්‍ය වේ. Resistors (ප්‍රතිරෝධක), capacitors සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පරිපථයකදී පෑස්සීම කළද මෙහිදී සන්නායක ගම් වර්ගයකින් ඇලවීම මඟින් ක්‍රියාකාරී පරිපථ බවට පත් කරනු ලැබේ.
පැළෑටි සඳහා භාවිතා කරන කඩදාසි මත මුද්‍රිත තෙතමන සංවේදකයේ එක් පරිපථ කොටසක් වර්ෂාපතනයද තවත් පරිපථ කොටසක් ආර්ද්‍රතාවයද මිනිනු ලබන අතර එමදත්ත මුද්‍රිත Wi-Fi ඇන්ටනාවක් මඟින් සම්ප්‍රේෂණය කරයි.LED bulb හා battery සම්බන්ධ කරන Wire හොග් කඩදාසි මත මුද්‍රණය කර තිබේ. මීට අමතරව micro processors (ක්‍ෂුද්‍ර සකසනය) සහ memory chips( මතකචිපය) සම්බන්ධ කිරීම් ඇතුළුව විවිධ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ Inkjet ප්‍රින්ටරය මඟින් මුද්‍රණය කර ඇත. මේවා භාවිතා කර, කුඩා කැබලි වලට වෙන් වුවද ක්‍රියාත්මක කළ හැකි කඩදාසි පරිගණක සෑදිමට සෛද්ධාන්තිකව හැකි වේ.
සාමාන්‍ය මිලට රිදී ආශ්‍රිත Inkjet ප්‍රින්ටරය මිලදී ගැනීමට හැකිවුවහොත් අතින් ඇඳි පාට කළ හැකි විවෘත සන්නායක පරිපථ බහුල වන බව හා තව වසර 20 කින් ඔබටම ජංගම දුරකථනයක් මුද්‍රණය කරගෙන භාවිතා කළ හැකි වන බව හොග් සහ කවහාරා ප්‍රකාශ කරති.

උපුටා ගැනීම  :- 
         03 rd October 2013 ,Paul Marks         New Scientist Magazine 2937   

No comments:

Post a Comment