Tuesday, November 26, 2013

සමතුල වෛද්‍ය පරීක්ෂණාගාරය

නිරෝගී දිවියක් සඳහා රුධිර ධාවනය, ශරීර උෂ්ණත්වය, හෘද ස්පන්ධන වේගය, රුධිර සීනි ප්‍රමාණය වැනි වෛද්‍ය පරීක්‍ෂණ තොරතුරු ඉතා වැදගත් වේ. නිරතුරුව මෙම තොරතුරු අධ්‍යයනය කර අසාමාන්‍ය තත්වයන් වාර්තා කිරීමට හැකි සංවේදකයක් සම තුල තැන්පත් කිරීමට විද්‍යාඥයෝ සමත් වී තිබේ.

මෙම සංවේදකය ශරීරයට එන්නත් කර වසරක් පුරා සම තුල සිටිමින් ශරීර සෞඛ්‍ය පමණක් නොව පාරසරික වෙනස්කම්ද  (අපවිත්‍ර වායු) හඳුනාගත හැකි ලෙස ප්‍රතිලේඛනය කර ශරීරයට එන්නත් කළ හැකි සංවේදකයක් නිපදවීමට පර්යේෂණ කණ්ඩායම යුහුසුළු වෙයි.

MIT ආයතනයේ රසායනික ඉංජිනේරු පර්යේෂක නිකෝල් ඉවසන් විසින් කාබන් නැනෝටියුබ් වලින් මෙම සංවේදක සංවර්ධනය කිරීමට සමත් වී තිබේ. මීයන් තුල සංවේදක තැන්පත් කර එහි ක්‍රියාකාරීත්වය ඇය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.

අධෝරක්ත ආලෝකයෙන් දීප්තිමත් විය හැකි නිසා නැනෝ ටියුබ් මේ සඳහා වඩාත් යෝග්‍යය වේ. NO (නයිට්‍රික් ඔක්සයිඩ්) සඳහා සංවේදී DNA තුල කාබන් නැනෝ ටියුබ් ඇතුලත් කර, කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව ක්‍රියා කළ හැකි සංවේදක 2 ක් ඉවසන් විසින් සංවර්ධනය කර ඇත. කෙටි කාලීන සංවේදකය ශල්‍යකර්ම වලදී දක්වන ප්‍රතික්‍රියා සඳහාද දීර්ඝකාලීන සංවේදක පිළිකාව, දියවැඩියාව, ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා, කෘතිම සන්ධි සඳහාද භාවිතා වේ.
එන්නත් කළ හැකි සංවේදක සඳහා DNA වලින් ආවරිත නැනෝ ටියුබ් වලට Polymer එන්නත් කර ඇත්තේ රුධිරය සමඟ සම්බන්ධ වී හෘද වස්තුව, පෙනහළු හරහා ආබාධයකින් තොරව ගමන් කිරීමට හැකි වන ලෙසටය.

 //  JESSE EMSPAK

Wednesday, November 20, 2013

දිවෙන් දීප්තිමත් වන අයිස්ක්රීීම්


විවිධ රස වලින් සමන්විත අයිස්ක්‍රීම් ඔබ රස බලා ඇත. එහෙත් දිව හා ස්පර්ශ වන විට විදුලිය දැල්වෙන අයිස්ක්‍රීම් ඔබ දන්නේද?

ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් නිෂ්පාදකයෙකු වන චාලි හැරී ප්‍රැන්සිස් අඳුරේදී ආලෝකය විහිදන අයිස්ක්‍රීම් ප්‍රථම වරට නිෂ්පාදනය කර ඇත. ජෛව සන්දීප්ත ජෙලිෆිෂ් (Jellyfish - ලොඩියා) ගේ දීප්තිය ලබා දෙන ප්‍රෝටීනයක් උපයෝගී කරගෙන දිදුලන අයිස්ක්‍රීම් සාදා තිබේ.

“Jellyfish ගෙන් ප්‍රෝටීන ලබා ගන්නා සමාගමක් සමඟ අපි සම්බන්ධ වී කටයුතු කළා.එමඟින් PH ශුන්‍ය අගයේදී කැල්සියම් හා ප්‍රතික්‍රියාවෙන් දීප්තිය ඇති කරන විශේෂ ප්‍රෝටීනයක හඳුනා ගත්තා යැයි ප්‍රැන්ශිස් ප්‍රකාශ කළේය. මෙම විශේෂිත ප්‍රෝටීනය, කැල්සියම් හා සම්බන්ධ වූ ක්‍ෂණයෙහි දීප්තිමත් වේ. එපමණක් නොව එම ප්‍රෝටීනය සහිත අයිස්ක්‍රීම්ද දිව ගෑවුනු ක්‍ෂණයෙන් දීප්තිමත් වීම විශේෂයක් විය. කෙසේ වෙතත් අයිස්ක්‍රීම් වල රසය ගැන විස්තර ලැබී නැත.


සාමාන්‍යයෙන් දැල්වෙන අයිස්ක්‍රීම් ඉතා මිල අධික වේ. එහෙත් වඩා අඩු මුදලකට අඳුරේදී දැල්වෙන අයිස්ක්‍රීම් වර්ගයක් ක්විනීන් (quinine) යොදා නිෂ්පාදනය කර තිබේ.


උපුටාගැනීම:
 //  TRACY STAEDTER

ජංගම දුරකථනයෙන් මෙහෙයවන කෘතිම අත

සමහර සත්ව වි‍ශේෂයන්ට මෙන් ප්‍රතිවිරුද්ධ මාපටැඟිල්ල සහිත නව prosthetic (සංලග්ස්) අතක් සමග එය ජංගම දුරකථනයෙන් ක්‍රියා කරවීමේ හැකියාව පිළිබඳ තොරතුරු එහි නිර්මාණය කළ ටච් බයෝනික්ස් ආයතනය විසින් පසුගියදා නිරාවරණය කරන ලදි.

භාවිතා කරන්නාගේ බාහුවල පේෂීන්, ජංගම දුරකථන හරහා ලබා දෙන සංඥා මඟින් මෙම බලගැන්වූ මාපටැඟිල්ල පාලනය වේ. ජංගම දුරකථනයේ තිරය ස්පර්ශ කිරීමෙන් යාන්ත්‍රික අත ස්වයංක්‍රීයව කලින් සකස් කල ඇල්ලීමක (යමක් අල්ලා ගැනීමට හැකි) ස්වරූපයකට පත් වේ. මාපටැඟිල්ල මෙලෙස විවිධ ඇල්ලීම් 24කට පරිවර්තනය කළ හැකිය. තවද ක්‍රියාකාරකමේ හුරුබව වැඩි කිරීමට සංවේදී නව ඇඟිලිතුඩු වල විද්‍යුත් අග්‍ර උපකාර කරති.
      
බලගැන්වූ පූර්ණ වටයක් කැරකැවිය හැකි මාපටැඟිල්ල, ජංගම දුරකථන සම්බන්ධතාවය සහ සියලුම වර්ගයේ ඇල්ලීම් (ගැම්ම) ක්‍ෂණිකව ඇති කර ගත හැකි වේ. ස්වාභාවික අතක් මෙන් තම යාන්ත්‍රික අත භාවිතා කළ හැකි වීම තමා කිසිසේත් අපේක්‍ෂා නොකල සිදු වීමක් බව මෙවැනි යාන්ත්‍රික අතක් හිමි  බටොල්ට් වෙයාර් පවසයි.

යතුරු ලියනය, ලේඛණ භාවිතය, පරිගණක මවුසය භාවිතය වැනි “වැඩ යන කාණ්ඩය යටතේ ඇති ක්‍රියාකාරකම් වේ.ඒ සඳහා අවශ්‍ය ඇල්ලීම් කලින් හැඩ ගැසීම පහසුවෙන් කළ හැකිය. කෘතිම අතක් ලබාදීමේ සම්පූර්ණ ක්‍රියාවලියට නවකයින් සඳහා කෘතිම අත ගැන තොරතුරු සහ භාවිතයේ පුහුණුව ඇතුළත්ව තිබේ.


උපුටා ගැනීම  :- 
Douglas Heaven, reporter

Tuesday, November 12, 2013

සාමාන්‍ය බීජ වලින් නැනෝ මල්

පෝෂක එකතු කිරීම, උෂ්ණත්ව පාලනය, අවක්ෂේපන නිරීක්‍ෂණය වැනි උද්‍යාන රෝපණයේ මූලධර්ම, නැනෝ(ඉතාමත් සියුම්) මට්ටමේ මල් වැවීමේදී පවා වෙනස් වී නැත. එහෙත් සූක්‍ෂම වැවිලි කරුවෝ නිනිති මල්, ආගන්තුක පළතුරු ආදිය විවිධ මිශ්‍රණ වලින් එකතු කර ගත් අණු මඟින් වගා කර තිබේ.

 ඔවුන්ට පැළ සිටවා ඒවා වැඩෙන තෙක් පාලනයකින් තොරව බලා සිටීමටසිදුවිය (වියදම් අධික තාක්‍ෂණික හා කාර්මික ක්‍රම භාවිතා නොකරන අවස්ථාවලදී ). නිනිති මල් වගාව සඳහා වියදම් අධික නොවූ අසරල වැඩ පිළිවෙළක් හාවඩ් විශ්ව විද්‍යාලයේ විම් නුර්ඩුයින් හා කණ්ඩායම නිර්මාණය කර ඇත.

ඔවුන් මල් පොකුරක් සාවද්‍ය වර්ණක වලින් වම් පස සමන්විත වනසේ අධියර තුනකින් සකස් කරන ලදි.

*         40C  උෂ්ණත්වයේදී සෝඩියම් සිලිකේට් හා බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ වාතයේ ඇති CO2 (කාබන්ඩයොක්සයිඩ්) වැඩි ප්‍රමාණයක්  දියවීම නිසා බේරියම් කාබනේට් හා සිලිකා (රතු) විශාල ලෙස තැන්පත් වන රසායනික ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වේ.එනිසා පළමුව සෝඩියම් සිලිකේට් හා බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ 40C දක්වා ශිත කලේය

*        කාමර උෂ්ණත්වයේ ස්ට්‍රොන්ටියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ,කුඩා බඳුනක තැන්පත් කර තිබේ.මෙම ද්‍රාවණය CO2  දියවීම නිසා කොළපාට අංකුර මතුවිය.

*        නිතර ඇරෙන වැහෙන ලෙස බීකරයේ පියන සැකසීමෙන් CO2 ස්පන්දනය නිසා අංකුරය 
       වැඩීම වේගවත් වී මයික්‍රෝ මිලිමීටර 25 (ඉතාමත් කුඩා) පළල මල් පිපේ.

රූපයේ ඇති සියුම් නිනිති මල් සඳහා පමණක් මෙම නිනිති හැඩ ගැන්වීමේ ශිල්පය සීමා නොවන අතර ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශිල්පයේ සහ ප්‍රකාශ විද්‍යාවේ හා දියුණුවටද භාවිතා කළ හැකි බව නුර්ඩුයින් හා කණ්ඩායමේ අදහසයි.                                    

   



උපුටාගැනීම
 Victoria Jaggard, NewScientist

Monday, November 11, 2013

සමේ රෝග කියන කැමරාව

විවිධ හේතු (ව්‍යාධිජනනය) නිසා වනාන්තරයේ ඇති වී තිබෙන ලප කැලැල් භූදර්ශන ජායා රූප වල අවිධිමත් බවින් අනාවරණය කර ගත හැකි තාප සංවේදී අධි තාක්‍ෂණික කැමරා, දැන් චර්ම රෝග හඳුනාගැනීමට භාවිතා කළ හැකිය.

වෛද්‍යවරු සාමාන්‍යයෙන් චර්ම රෝග විනිශ්චය කරනුයේ රෝගයේ සම මත පැතිරීම, රක්ත වර්ණ වීම, ඝන වීම, ශල්කියවීම (කොරපොතු ස්වාභාවය) වැනි කරුණු නිරීක්‍ෂණය කිරීමෙනි. ඒවා නිරීක්‍ෂණය බොහෝසේ විෂයානුබද්ධ වේ. මෙම නව කැමරා තාක්‍ෂණය රෝග විනිශ්චය සඳහා වඩා නිවැරදිව භාවිතා කල හැකිදැයි, නිව්යෝක්හි රොචෙස්ට විශ්ව විද්‍යාලයේ ප්‍රැන්සිස්කෝ ටොස්ක් හා රොචෙස්ට තාක්‍ෂණ ආයතනයේ ඔහුගේ කණ්ඩායම විසින් පරීක්‍ෂා කරනු ලැබේ.
ආබාධිත සම අභ්‍යන්තරයේ රුධිර සංසරණය වේගවත් වීමෙන් සිදුවන උණුසුම් වීම මඟින් රක්ත වර්ණ වීම ප්‍රමාණාත්මකව හඳුනාගැනීමට මෙම තාප කැමරා සමත් බව මූලික පරීක්‍ෂණ වලදී අනාවරණය වී ති‍බේ (රූපය බලන්න).


පාරජම්බු ආලෝකකිරණ ඡායාරූප වල ආබාධිත කොටස් දීප්තිමත්ව සටහන් වීම මඟින් සම තුල දීප්තිය ලබා දිය හැකි ඇමයිනෝ අම්ල අඩංගු බව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. මෙම අවස්ථා දෙකෙහිදීම මතුපිට සම පියවි ඇසට නිරෝගී සමක් ලෙස දිස්වෙන බැවින් කැමරාවට චර්ම රෝග වර්ධනය විය හැකි ස්ථාන පිළිබඳව වඩා සියුම් ලෙස ඉඟි පළකල හැකිවේ.
චිකිත්සාගාර පර්යේෂණ සඳහා පර්යේෂණ කණ්ඩායම මූල්‍ය ආධාර අපේක්‍ෂා කරයි.

උපුටා ගැනීම : New Scientist – Health Magazine, August

http://www.newscientist.com/article/mg21528785.500-imaging-cameras-detect-severity-of-skin-problems.html#.Ul0R2pJHIbU

Thursday, November 7, 2013

බලය ලැබෙන්නේ කෙසේද?

බලය පුද්ගලයා වෙනස් කරයි. නවතම අධ්‍යයනයකින් බලය ඇතිවීමේදී පුද්ගලයෙකුගේ මොලය තුල සිදුවන වෙනස්කම් හඳුනාගැනීම පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත. 

අන් අයගේ perspectives ලබා ගැනීම සඳහා බලගතු මිනිසුන්ගේ අනුවර්තනයවීමට ඇති කැමැත්ත අඩු වීම කෙරෙහි බලපාන යාන්ත්‍රනය පිළිබඳව මෙම අධ්‍යයනයේදී ස්නායු විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය.

“Motor resonance system” නමැති මොලයේ ස්නායු පරිපථ ජාලයක් මඟින් ක්‍රියාත්මක වන ක්‍රමයක් තුලින් අප තුලට අන් අයගේ ප්‍රායෝගික අත්දැකීම ඇතුළුකර ගැනීම සිදුවේ. අන් අයට එරෙහිව බලය පැතිරවීමේදී බලය පතුරවන්නාගේ මොලයේ එම ක්‍රියාවලිය අක්‍රිය වන බව මෙහිදී හඳුනා ගෙන තිබේ.

 උදාහරණයක් ලෙස යම් කෙනෙකු පන්දුවක් විසි කරනු අප දුටු විට පන්දුව විසි කිරීමේ ක්‍රියාවලියට අදාල අපගේ මොලයේ කොටස්ද අනුවර්තනයෙන් සක්‍රිය වේ. අපේ මොලයේ අන් අයගේ ක්‍රියාව අපට දැනෙන ලෙස සිදුවන ක්‍රියාකාරීත්වය resonate (අනුනාද වීමේ) ක්‍රියාවක් ලෙස මොලයේ ඇති tronto-parieta (මොලයේ ඉහළ කොටසේ) ප්‍රදේශයේ සිදු වේ.

ක්‍රියාකාරකම් මඟින් බලවත්, අසරණ, උදාසීන වැනි චිත්තාවේග ඇති වීමට සලස්වා ඒ අවස්ථා වලදී ඔවුන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වය හඳුනාගැනීමට ස්නායු විද්‍යාඥ ජෙරමි හොග් එමීන් හා කණ්ඩායම (කැනඩාවේ වෝටලුහි විල්ෆ්‍රඩ් ලොරියල් විශ්ව විද්‍යාලයේ) සමත් වී තිබේ.

මෙහි සරල අදහස නම් බලය නිර්මාණය වනුයේ අන් අය පිළිබඳ නොසළකා හැරීම (සාපේක්‍ෂව ගැඹුරින් අවබෝධකර නොගැනීම) බව පර්යේෂකයෝ පවසති.

උපුටා ගැනීම :

World Science – July 4, 2013

Monday, November 4, 2013

කඩදාසි වලින් සත්‍ය පරිගණක

කඩදාසි පරිගණකය. එයින්ඉරා ගත් කඩදාසි කැබැල්ලක් පරිගණකයේ කොටසක් ලෙස වෙනත් කෙනෙකු පාවිච්චි කිරීම ඔබට පිළිගත හැකිද? ඉලෙක්ට්‍රොනික පරිපථ වල සන්නායක රිදී රේඛා ඉතාමත් සාර්ථකව කඩදාසි මත මුද්‍රණය කිරීමට ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ යොෂිහිහිරෝ කවහාරා ඇතුළු කණ්ඩායම සමඟ එක්වූ එංගලන්තයේ කේම්බ්‍රිජ් හි මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්ටීව් හොග්  හැකි විය. සරල පරිගණක Inkjet ප්‍රින්ටරය ඔවුන් මුද්‍රණය සඳහා භාවිතා කර, රිදී නැනෝ අංශු  වලින් සමන්විත තීන්ත භාවිතා කර ඇත. කවහාරා කඩදාසියේ මුද්‍රිත moisture sensor (තෙතමත සංවේදකයක්) ස්විස්ටර්ලන්තයේ පැවැති සම්මන්ත්‍රණයකදී පසුගියදා ක්‍රියාත්මක කර පෙන්වන ලදි.




විවිධ නව ඉලෙක්ට්‍රොනික පරිපථ හුදෙක් මුද්‍රණයෙන් ලබා ගෙන අත්හදා බලා, වැඩ නොකරන්නේ නම් විසිකර දැමීමේ අවස්ථාව උදා වීම නිසා විනෝදයක් ලෙස නව ඉලෙක්ට්‍රොනික පරිපථ නිරුමාණකරුවන් නව නිර්මාණ ඉදිරිපත් කරනු ඇතැයි කවහාරා විශ්වාසය පළ කරයි. තවද ත්‍රිමාණ මුද්‍රණයෙන් ඉලෙක්ට්‍රොනික පරිපථ මුද්‍රණය කිරීමේ අපහසුතාව මෙමඟින් මඟ හැරී තිබේ. ටෝකියෝ හි මිටිෂුබිසි කෙමිකල් ආයතනය මෑතකදී සංවර්ධනය කරන ලද silver suspension (අවලම්භිත රිදී ) තීන්ත භාවිතා කර රු. 10,000/- ක පරිගණක Inkjet ප්‍රින්ටරයකින් ජායාරූප මුද්‍රණ කඩදාසි මත ඉලෙක්ට්‍රොනික පරිපථ හොඳින් මුද්‍රණය කළ හැකි බව කවහාරා  ප්‍රකාශ කරයි. අංශු වල ප්‍රමාණය,දුස්ස්‍රාවිතාව සහ මතුපිට ආතතිය, පැතලි රිදී සන්නායක කඩදාසිය මත මුද්‍රණයට සුදුසු තත්වයේ පවතින අතර තීන්ත වල ඇති රිදී අංශු නිදහස් කිරීමට එය රත් කිරීම අනවශ්‍ය වේ. Resistors (ප්‍රතිරෝධක), capacitors සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පරිපථයකදී පෑස්සීම කළද මෙහිදී සන්නායක ගම් වර්ගයකින් ඇලවීම මඟින් ක්‍රියාකාරී පරිපථ බවට පත් කරනු ලැබේ.
පැළෑටි සඳහා භාවිතා කරන කඩදාසි මත මුද්‍රිත තෙතමන සංවේදකයේ එක් පරිපථ කොටසක් වර්ෂාපතනයද තවත් පරිපථ කොටසක් ආර්ද්‍රතාවයද මිනිනු ලබන අතර එමදත්ත මුද්‍රිත Wi-Fi ඇන්ටනාවක් මඟින් සම්ප්‍රේෂණය කරයි.LED bulb හා battery සම්බන්ධ කරන Wire හොග් කඩදාසි මත මුද්‍රණය කර තිබේ. මීට අමතරව micro processors (ක්‍ෂුද්‍ර සකසනය) සහ memory chips( මතකචිපය) සම්බන්ධ කිරීම් ඇතුළුව විවිධ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ Inkjet ප්‍රින්ටරය මඟින් මුද්‍රණය කර ඇත. මේවා භාවිතා කර, කුඩා කැබලි වලට වෙන් වුවද ක්‍රියාත්මක කළ හැකි කඩදාසි පරිගණක සෑදිමට සෛද්ධාන්තිකව හැකි වේ.
සාමාන්‍ය මිලට රිදී ආශ්‍රිත Inkjet ප්‍රින්ටරය මිලදී ගැනීමට හැකිවුවහොත් අතින් ඇඳි පාට කළ හැකි විවෘත සන්නායක පරිපථ බහුල වන බව හා තව වසර 20 කින් ඔබටම ජංගම දුරකථනයක් මුද්‍රණය කරගෙන භාවිතා කළ හැකි වන බව හොග් සහ කවහාරා ප්‍රකාශ කරති.

උපුටා ගැනීම  :- 
         03 rd October 2013 ,Paul Marks         New Scientist Magazine 2937