ජල විදිනය නිෂ්පාදනය කළ රසායනඥයෝ පවසන පරිදි මුද්‍රිත පිටපත් මත තවමත්
යැපෙන වත්මන් ඩිජිටල් ලොව
සඳහා මෙය ඉතාමත් ප්‍රයෝජනවත්
වනු ඇත. සෑම පිටුවක්ම දොළොස් වරක් පමණ නැවත නැවත භාවිතා කිරීමට මෙම ජල විදින තාක්ෂණය
නිසා හැකියාව ලැබේ.
එක්වරක් කියවීමෙන් පසු කාර්යාල වල මුද්‍රණය වන ලිපි/
වාර්තා යනාදිය බොහෝ විට
කසල බඳුනට එක්වේ. මෙලෙස කසල බඳුනට එක්වෙන මුද්‍රිත කඩදාසි සියලු මුද්‍රිත වලින් 40% ක පමණ ප්‍රතිශතයක්
ලෙස ජාත්‍යන්තර
සංඛ්‍යා ලේඛන වාර්තා කරන බව චිනයේ ජිලන් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා
මහාචාර්ය සියෝ එන් සැන්ග් පවසයි.
මෙහි රහස ඇත්තේ කඩදාසියේය. ජලයට විවෘත වු විට වර්ණවත් වන
සහ පසුව මැකීයන වර්ණක විශේෂයකින් කඩදාසිය සමන්විත වේ. අදෘශ්‍යමාන මෙම වර්ණක (DYE) 350 C
උෂ්ණත්වයේදී පැය.22 කදී එහි ඇති මුද්‍රිත ජලය වාෂ්ප වන
නිසා මුද්‍රිතය පැය.22 තුළ මැකීයයි. උෂ්ණත්වය වැඩිවූ විට මැකීයාම වේගවත්ව සිදුවේ.
තාක්ෂණය ඉතා ලාභදායක බවත් මුද්‍රණය ඉතා පැහැදිලි බවත් නිර්මාණ කරුවෝ පවසති. නැවත
ලිවමේ හැකියාව 50
වරක් ලෙස සැලකු විට වියදම තීන්ත
විදින මුද්‍රණයක වියදමින් 1% පමණක් වේ . නැවත ලිවීමේ හැකියාව දොළොස්වරක්
ලෙස සැලකූවිට
වියදම 1/17 ක් පමණක් බව සැන්ග් සඳහන් කරයි. විශේෂිත ඩයි සහිත කඩදාසිය බවට සාමාන්‍ය
කඩදාසිය පත් කිරීමට 5% ක පමණ අමතර වියදමක් දැරිය යුතුය. එනමුදු තීන්ත ඉතිරිය 5% කට
වඩා වැඩිය.
ජලය යනු පරිසර හිකතාමී නැවත භාවිතා කළ හැකි සම්පතකි.මුද්‍රණ
යන්ත්‍රය (ප්‍රින්ටරය) නව ක්‍රමය සඳහා වෙනස් කළයුතු නොවේ. තීන්තයෙන් නොව ජලයෙන් කාට්රිජය (Cartridge ) නැවත පිරවීම ප්රමාණවත්ය. සිලින්ජරයක් මඟින්
පිරවිය හැකිය.
පෙර භාවිතා කළ අතුරුදහන් වන තීන්ත රසායනික විෂ සහිත වන
අතර ඒවායෙන් කළ මුද්‍රණ වල
දීප්තිය පහල මට්ටමක වේ. සැන්ග් සහ කණ්ඩායම Oxazolidine
(ඔක්සසොලිඩයින්) නමැති පෙරදී වැඩියෙන්
සැලකිල්ලට බඳුන් නොවු රසායනික සංයුතිය
භාවිතා කර තිබේ. එමඟින් සහ ජල විදින තාක්ෂණයෙන් නිල් පැහැති පැහැදිලි
මුද්‍රණයක් ලැබේ. එක වරකට නිල්, අධෝරක්ත, රත්තරන් සහ දම් යන වර්ණ වලින්
මුද්‍රණය දැනට ලබා ගත හැකිය. ඉදිරි පියවරයන් ලෙස මුද්‍රිතයේ තත්වය
උසස් කිරිම සහ මැකියාම ප්‍රමාද
කිරීම දියුණු කළ යුතුය. උෂ්ණත්වයට ඔරොත්තු දීමේ
හැකියාව සමහර මුද්‍රණ යන්ත්‍ර සඳහා වර්ධනය කිරීමටද අවශ්‍ය වේ. කඩදාසි හානිකර නොමැති
නමුත් ඩයි (DYE) වල දීර්ඝ කාලීන ක්‍රියාකාරීත්වය
සොයා බැලීමට නිර්මාණ කරුවෝ කටයුතු කරති.
“water -
get” printer
No comments:
Post a Comment