Monday, March 10, 2014

නොතෙමෙන සිල්ක් කමිස

 
සිල්ක් කමිසයට වැටෙන ද්‍රව බිංදු කමිසය තෙත් නොකර පහලට ගලා යෑම අපට නෙළුම් කොළයට වැටුණු ජල බිංදු කොළය නොතමා පහලට රූටා වැටෙන අයුරු සිහිගන්වයි,. බ්ලොක් ගල්, බිත්ති, හම්, රෙදි වැනි නොයෙක් ද්‍රව්‍ය තෙත් වීමෙන් වළකා ගැනීමට නිනිති තාක්ෂණය භාවිතයෙන් සැකසු තින්ත විදීමෙන්(spraying)  හැකි බව අපි අසා ඇත්තෙමු. වෙනත් තාක්ෂණයක් භාවිතාකර නිෂ්පාදිත මෙම සිල්ක් කමිස2014 මැයි මාසයේදී වෙළඳපොට ඒමට නියමිත. ජලභීතික රෙදි නොතෙමී සිටීමට කටයුතු කරන බල ක්ෂෙත්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ. එම ජලභීතික රෙදිවලින් සෑදු මෙම සිල්ක් කමිසය ද්‍රව විකර්ෂණය කරයි.

පිටතින් සරල සිල්ක් කමිසයක ලෙස දිස්වෙන ජලභීතික සිලිකා කමිසය(hydrophobic Silica Shirt)  නව ව්‍යවසායකයකු වු ආමීර් පටෙල් නිර්මාණය කර ඇත. ඕනෑම රෙදි සාප්පුවකින් මිලදී ගත් කමිසයක් මෙන් මෙම කමිසය සාමානයෙන් දිස්වේ. වතුර වීදුරුවක් වත්කළ විට එහි සැබෑ වෙනස හඳුනාගත හැකිවේ. අන්වීක්ෂ සිලිකා අංශු ස්ථරයක් මෘදු පොලියෙස්ටර් රෙද වලට එක්කර තිබේ. සිලිකා අංශු පොලියෙස්ටර් රෙදිවල නුල් (කෙඳි) සමඟ බැඳ වායු බාධකයක් (නොතෙමී සිටීමට කටයුතු කරන බල ක්ෂෙත්‍රයක් )නිර්මාණය කරයි. මේනිසා දහඩිය ඇතුළු ඕනෑම ජල පාදක ද්‍රවණයක් ඇඳුමට උරා නොගෙන පහලට ගලා යයි. තෙතමනය රඳා නොපවතින නිසා දිලීර (bacteria) වර්ධනය නොවේ. ඒ නිසා ඇඳුම පහසුවෙන් අපවිත්‍ර නොවන බැවින් සේදීමට අවශ්‍යවන්නේ කලාතුරකිනි.
ක්‍රියාකාරි ලෙස ජලයට ඔරොත්තුදෙන (දියවරන) ආලේප වෙළඳපොලේ බොහෝ ඇත. එලෙස හොඳින් ක්‍රියාකරන ආලේපයක් ලෙස Never wet සැළකිය හැකිවුවද කිහිපවරක් සේදීමෙන් ආලේපය ඉවත් වේ.  ජලභීතික සිලිකා කමිසය (hydrophobic Silica Shirt) නිෂ්පාදනයට Never wet හි මෙම අඩුපාඩුව නිසා තමා පෙළඹුණු බව පටෙල් පවසයි. සිලිකා කමිසය සාමාන්‍ය කමිසයක් සේ ඇඟට පහසුය. එහි ජල ආරක්ෂක ලක්ෂණයට හානි පැමිණෙනුයේ 80 වරකට වඩා සේදීමෙන් පසුවයැයිද පටෙල් පවසයි.
සිලිකා කමිසය එක දිනයක් ඇතුළත රු.25,00,000 ක අලෙවි ආදායමක් මගින් මේවන විට තරුණ ව්‍යවසායකයාට විශාල ආදායමක් ලබාදී තිබේ. සිලිකා කමිසය කළු සුදු වර්ණ වලින් සහ කුඩා මධ්‍යම විශාල හා වඩා විශාල යන ප්‍රමාණයන්ගෙන් සමන්විත නමුත් මිල අධික.

උපුටාගැනීම: http://www.gizmag.com/hydrophobic-silic-shirt/30208/


Hydrophobic Silic shirt repels sweat and stains  By Jonathan Fincher  http://www.youtube.com/watch?v=UMfd_x9jGO0

Thursday, March 6, 2014

වැළැක්විමට අපහසු මාර්ග අනතුරු වැළැක්වීම

කළුතර - හොරණ ප්‍රධාන මාර්ගයේදී පස්හැවිරිදි දරුවෙක් යතුරු පැදියක ගැටී ජිවිතක්ෂයට පත්වීම මෑතකදී වාර්තා විය. මෙම ඛේදවාචකය සිදුවුයේ තම නිවසේ පැවැත්වෙන පිරිත් දේශනාවක් සඳහා සැරසිලි කටයුතු කළ පියා සමඟ සිටි කුඩා පුතු එකවර ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීමෙනි. ජර්මනියේ Technische  Universidad Monessen  විශ්ව විද්‍යාලය මඟින් මෙවැනි වු බොහෝ අනතුරු වැළැක්විය හැකි ක්‍රමයක් නිර්මාණය කර තිබේ. රියදුරුට නොපෙනෙන පදිකයින් හදුනා ගැනීමට පවා මෙම පද්ධතියට හැකිය. වාහනයේ දර්ශන පථයේ සිටින පදිකයින්ගේ සහ පාපැදි කරුවන්ගේ හදිසි චලනයන් සඳහා ක්ෂණිකව ස්වයංක්‍රියව ප්‍රතිචාර දක්වන වාහනය තුළ ඇති රේඩාර් පද්ධතියක් දැනටමත් වොල්වෝ ආයතනය විසින්  සංවර්ධනය කර ඇත.
පදිකයින් සහ පාපැදිකරුවන් සමඟ ඇති සම්ප්‍රේෂකයක් හා සම්බන්ධවී කටයුතු කරන නව ක්‍රමය Ko – TAG නම් වේ. පැළදිය හැකි ඉතා කුඩා උපකරණයක් හෝ ජංගම දුරකථනයේ ඇති කොටසක් ලෙස මෙම  trans ponder (සම්ප්‍රේෂක) සකස් කර තිබේ.
නිරතුරුව කේතගත සංඥාවක් වාහනය සම්ප්‍රේෂණය කරයි. පථමයෙන් වාහනයෙන් සංඥාවක් නිකුත් වේ. දර්ශන පථයෙන් බාහිරව සිට හෝ වාහනය ආසන්නයේ සිට පදිකයා පැමිණෙන විට ඔහුගේ සම්ප්‍රේෂකය නිසා පරාවර්තනය වී පැමිණෙන එම සංඥාව වාහනය හඳුනා ගනියි.එවිට රථය හදිසි අවස්ථා සුදානම් තත්වයට පත් වේ. වාහනයේ සහ පදිකයාගේ චලන දිශා හා වේග පිළිබඳ  සුවශේෂි බව නියාමනය කර අවශ්‍යතාවය මත සංඥාව රියදුරුගේ අනුදැනීමෙන් තොරව වුවද සැණින් ස්වයංක්‍රියව තිරිංග යෙදීමට කටයුතු කරයි.
වාහනය හා පදිකයා අතර පරතරය, රථයේ GSP ක්‍රමය උපයෝගී කර ගනිමින් සෙන්ටිමීටර කිහිපයක දී මෙන්ම මයික්‍රො තත්පර (තත්පරයෙන් දසලක්ෂයකින් පංගු) කාලයකදී හඳුනාගෙන රථය හා පදිකයාගේ ගැටීම තිරණය වී එය වළක්වයි. රේඩාර් පාදක කරගත් ක්‍රමයමෙන් නොව මෙම ක්‍රමයේ සුවීහේෂිභාවය  නම් මෙමඟින් දර්ශන පථයේ නොසිටින පදිකයින්ද ආරක්ෂා වීමයි. එනම් පදිකයා වාහනය නොදැකීම හෝ රියදුරු පදිකයා නොදැකීම යන අවස්ථාවල සිදුවන මාර්ග අනතුරු වැළැක්වීමයි. එමඟින් ආරක්ෂාව ලැබෙන්නේ මිල කළ නොහැකි ජිවීත වලටයි. නවතා ඇති වාහන හෝ බාධක අකරින් පදිකයින් මාර්ගයට අවතීර්ණ වන අවස්ථා සහ පෙර දැක්වු සිදුවීම මේසඳහා උදාහරණ ලෙස සැලකිය හැකිය.
උපුටා ගැනීම
 New system warns drivers of pedestrians, even when they're not in view, By Ben Coxworth  
http://www.gizmag.com/ko-tag-pedestrian-cyclist-collision-detection/30561/

සැඟවුණු විදුලි පේනු


බොහෝ විට නිවසේ බිත්තියේ විදුලි පේනු ගැන ඔබ එතරම් තැකීමක් නොකරනු ඇත. එහෙත් විදුලි පේනුවලින් දරුවන් ආරක්ෂාකර ගැනීම කුඩා දරුවන් සිටින දෙමව්පියන්ට ගැටළුවකි. ඔව්හු නොයෙක් තාවකාලික පිළියම් ඒ සඳහා යොදති. විදුලි රැහැන් නොමැති විදුලිය ද මෙතෙක් භාවිතයේ නැත. කෙසේ වෙතත් Legrand (ලේ ග්‍රාන්ඩ්) ආයතනය සිදුරු සහිත විදුලි පේනු අවලස්සන ලෙස ස නව විදුලි පේනුවක් සකස් කර ඇත. එඹුවිට පිටතට එන (Popup outlet ) විදුලි පේනුවක් ලෙස මෙය නිර්මාණය කර තිබේ. 
බිත්තියේ ඇති සමචතුරස්‍රකාර කොටුවක් ලෙස භාවිතයට නොගන්නා විට දිස්වේ. මෙම විදුලි පේනුව ඇඟිල්ලෙන් එඹුවිට ඝනකයක් ලෙස පිටතට නෙරා එන අතර පැති තුනකම විදුලි උපකරණ සමබන්ධ කළ හැකි පේනු තුනක් තිබේ. 
බොහෝ විට භාවිතා කරන ඔබටම නව විදුලි පේනුව  සවිකරගත හැකි. ඒ සඳහා ප්‍රමාණවත් ඉඩක් එනම් ඝන සෙන්ටීමීටර් 361 ක් (ඝන අඟල් 22) ඉඩක් බිත්තිය ඇතුළත අවශ්‍ය වේ. එහෙත් නව නිවාස සඳහා පහසුවෙන් සවිකර ගත හැකිය.
 
නව විදුලි පේනුවේ පිටරට නිෂ්පාදනය මිල අධික වුවත් එහි අනුකාරක නිෂ්පාදනයන් දේශීය වෙළඳ පොළට අඩු මිලකට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

උපුටාගැනීම:

ආහාර වල වස විෂ පෙන්වන Tell spec

පිරිසිදු, වර්ණවත්, ඉඳුණු පළතුරු, ගුණවත් එළවළුවල කෘමිනාශක අඩංගු දැයි එකවරම හඳුනාගත හැකි උපකරණයක් නිපදවා තිබේ. ටෙල් ස්පෙක් /TellSpec නම් මෙම උපකරණය ගණිතඥ ස්ටේෆෝන් වොට්සන් සහ ඉසබල් හෝෆමන් විසින් නිෂ්පාදනය කර ඇත. ආහාරය දෙසට යොමු කිරීමෙන් ආහාරයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි TellSpec අතේ ගෙන යා හැකි කුඩා උපකරණයකි. ඔබ විසින් පරිභෝජනය නොකළ යුතු එහෙත් ආහාර වල අඩංගු රසායනික, ආසාදිතයන්  සහ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ක්ෂණීකව ඔබට ලබාදේ. ආහාරයෙන් ඔබට ලැබෙන විටමින් ප්‍රමාණය සහ ආහාර වල සංවේදිතාව යන කරුණුද දන්වා සිටියි. පිඟානක ඇති පිසු ආහාර පමණක් නොව එළවළු පළතුරු පිළිබඳ තොරතුරු ද ලබා ගත හැකිය. ඉතා පහසුවෙන් අනුභව කිරීමට සුදුසු ආහාර තෝරා ගැනීමේ හැකියාව මිනිසුන්ට ලබාදීම තම ඉලක්කය බව සමාගම ප්‍රකාශ කරයි. තමන්ට ලැබෙන ලිපි කියවා බලා තේරුම් ගන්නා සේ එය පහසුය. “පාරිභෝගිකයා දැනුවත් කිරීමට ආහාර ඇසුරුම් වල සඳහන් තොරතුරු වලට අමතරව ඇත්ත වශයෙන්ම ඒවායේ අඩංගු දේ පිළිබඳ තොරතුරු ලබාදීම, අසාත්මිකතා ඇති අයට අනතුරු ඇඟවීම සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර අනුභවය ප්‍රවර්ධනය කිරීම මෙහි නිර්මාණකරුවන්ගේ අභිප්‍රාය බව ප්‍රකාශ වේ.   
                                                                                                
මෙම TellSpec, Cloud පරිගණක ක්‍රමය පාදක කර ගත් සුවිශේෂ ගණිත ප්‍රතිලේඛන ක්‍රමය, සරල  Smart phone යෙදුම සහ කුඩා රාමන් වර්ණාවලිමානය (Raman Spectrometer) යන උපාංග වලින් සමන්විත වේ. වෙළඳ සැලක රාක්කයක හෝ පදික වේදිකාවේ ඇති ආහාර වල හෝ පිඟානක ඇති පිසු ආහාර වල හෝ පෙර සඳහන් තොරතුරු ලබා ගැනීම සඳහා සරල TellSpec ආහාරය දෙසට යොමුකර බොත්තමක් එබීම ප්‍රමාණවත්ය. අඩු බලැති කිරණයක් ආහාරය දෙසට ගමන් කර පරාවර්තින ආලෝක කිරණවල තරංග ආයා වලින් ආහාර සැකසි ඇති රසායනිකයන් උපකරණය මඟින් හඳුනා ගනී.
 
විශ්ලේෂක යාන්ත්‍රණයට දත්තයන් ලබාදෙනු ලැබේ. එහිදී අදාල වර්ණාවලි සමඟ තොරතුරු සන්සනදනය කිරීම, ප්‍රතිඵල දත්ත ගබඩාවකින් අර්ථකතනය කිරීම සහ භාවිතා කරන්නාගේ  Smart phone  වෙත අවසාන නිගමන ලබාදීම ්‍රියාත්මක වේ. මෙම උපකරණයට ආහාර වල මතුපිට Scan කිරීමෙන් ආහාරය සහ එහි අන්තර්ගත ද්‍රව්‍ය ආසන්න වශයෙන් 97.7% ක් නිවරදිව හඳුනා ගැනීමට හැකි බව හොෆමන් ප්‍රකාශ කරයි.

මතුපිට ඇති විනිවද පෙනෙන සුළු බව වැඩිවන විට ආහාර වඩාත් නිවැරදිව හඳුනාගත හැකි වේ. Twinkie සඳහා භාවිතා කරන්නාට දෙවරක් Scanිරීමේ පහසුව තිබේ. වඩාත් නිවැරදි ප්‍රතිඵල සඳහා පළමුව මතුපිට දෙවනුව  Twinkie  වල මධ්‍යද  Scan කිරීම සුදුසුය.

TellSpec ට අමුද්‍රව්‍ය අසීමිත ප්‍රමාණයක් හඳුනාගත හැකි නමුත් මුලික දත්ත ගඩඩාව සඳහා ආහාර වර්ග 3000 ක් පමණ අඩංගු අමු ද්‍රව්‍ය හඳුනාගෙන ගබඩා කර තිබෙන බව හොෆ්මන් සඳහන් කරයි. භාවිතා කරන්නන්ගේ  වර්ධනයත් සමඟ භාවිතා කරන්නාට අවශ්‍ය දත්ත එයට ඇතුළු කිරීමට සහ මෙම දත්ත ගබඩාව වැඩි දියුණු කිරීමද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. Open Source/විවෘත ප්‍රභවයක සියළු තොරතුරු පවතින ලෙස සකසා තිබේ. හොෆ්මන්ගේ අපේක්ෂාව නම් මෙම ආහාර දත්ත ගබඩාව, සෑම එක් පුද්ගලයකුගේ අවශ්‍යතාවය දන්වන මට්ටම දක්වා වර්ධනය වීමයි. තවද අනුභව කරන ආහාරවල ප්‍රමාණය දැක්වීමට සහ අනුභවයෙන් පසු ඇතිවන ආසාත්මිකතාවයට  හේතු දැක්වීමට හැකි ලෙස මෙම උපකරණය සංවර්ධනය කිරීමට ඔහු බලාපොරොත්තුවේ.

උපුටාගැනීම :
 TellSpec hand-held scanner identifies what's in your food  By Lakshmi Sandhana December 23, 2013    http://www.gizmag.com/tellspec-food-scanner/30221/

මඟ පෙන්වන කබාය

මෝටර් රථ,ජංගම දුරකථන සඳහා පිහිටි ස්ථානය නිවැරදිව දැනුම් දෙන GPS තාක්ෂණය භාවිතා වන බව අප දන්නා කරුණකි. එහෙත් ඇඳුමක් (Jacket) GPS තාක්ෂණය පාදක කරගත් බව ඔබ අසා තිබේද? ඔබ යම් ස්ථානයක් සොයමින් යන විට අදාල තොරතුරු ඔබ තිරයකින් නැරඹිය යුතුය. එනම් ඔබගේ ඇස් වරින්වර තිරය මතද මහා මාර්ගයටද යොමු කළ යුතු වේ.මෙම ක්‍රියාව අර්ධ අන්ධතාවයකින් මහා මාර්ගයේ ගමන් කිරීමක් වැනිය. GPS තාක්ෂණය පාදක කරගෙන නැවිගේට් කබාය (Navigate jacket) නිර්මාණය කිරීම මඟින් මෙම අපහසුතාව දුරු කර තිබේ. ඔබ අදාල දිශාවට හා ගමන් මාර්ගයට එහි ඇති LED බල්බ මඟින් යොමු කරවයි.


ඔස්ට්‍රේලියාවේ ඇඳුම් නිෂ්පාදන සමාගමක් වූ Wearable Experiments (We-ex) විසින් “Navigate” (නැවිගේට් කබාය) නිෂ්පාදනය කර තිබේ. බාහිරෙන් සාමාන්‍ය ඇඳුමක් ලෙසම දිස්වුවද මෙය ශරීරයේ පැළදිය හැකි උපකරණයකි. තාක්ෂණය එන්නත් කළ ඇඳුමක් ලෙස මෙම මෝස්තරය ඉදිරිපත් කරන මෙම සමාගම දෘඩාංග, මෘදුකාංග සහ ඇදුම් සැලසුම් කරයි .

නගරයේ ඇවිදීම, බයිසිකල් පැදීම සඳහා භාවිතා කළ හැකි ලෙස Navigate කබාය නිර්මාණය කර ඇත. Smart phone එකක්, කබාය සමඟ ක්‍රියාකරන එහි මොළය ලෙස භාවිතා කර තිබේ. මෙම යෙදුම(application) මඟින් කබායේ ඇති LED බල්බ දීප්තිමත්වීමෙන් හැරවුමෙන් හැරවුම සඳහන් කරන මාර්ගෝපදේශක දත්ත දර්ශනය වේ. මඟියාට පහසුවෙන් හඳුනාගත හැකි ලෙස කබායේ දිගු අත්වල ඇති LED බල්බ මාර්ගෝපදේශ අනුව දැල්වේ. LED මඟින් කුමන පියවරේද, කොතරම් දුරකින් ඊළඟ හැරවුම තිබේද යන්න දන්වා සිටියි. කුමන දිශාවටම ගමන් කළ යුතු දැයි කම්පනය මඟින් දන්වනු ලැබේ.

ඉදිරියේදී පාරිභෝගිකයාගේ රුචිය පරිදි වෙනස් වන එහි දැනට සුදු ආලෝක දැල්වන LED පමණක් ඇත. බාහිර පෙනුමේ කිසිදු විශේෂත්වයක් නොමැතිව කබාය සහ GPS තාක්ෂණය සම්බන්ධකිරීමට We- ex ආයතනයට හැකි වී තිබේ. යුරෝපයේ නගර වල අලෙවිය සඳහා මෙහි නිෂ්පාදන කටයුතු සිදු වේ.

උපුටාගැනීම: 


NAVIGATE jacket brings GPS to life with LED lights and haptic feedback  By C.C. Weiss