Sunday, February 23, 2014

මවක්වීමෙන් බුද්ධිය වැඩිවේද ?

ලෝන්ග්වුඩ් විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු වන ඇඩම් ප්‍රාන්සීන් මව්වරු වීමෙන් පසුව කාන්තාවන්ගේ මොළය වැඩි දියුණු වන බව ප්‍රකාශ කර තිබේ. මවක් වීමෙන් මතකය සම්බන්ධ ක්‍රියා සම්පූර්ණ කිරීම, ආතතීන් පාලනය සහ ගැටළු විසදීම වැනි කාර්යයන් වඩාත් නිවැරිදිව ක්‍රියාත්මක කළ හැකි බව මීයන් ඇසුරෙන් කරන ලද පර්යේෂණයකදී නිරීක්‍ෂණය කර තිබේ.

සියළු ඉගෙනීම් කටයුතු වලදී අම්මාවරු වැඩි දක්‍ෂතා දක්වා ඇති බව පර්යේෂණ කිහිපයකදීම පැහැදිළි වූයේ යැයි ප්‍රාන්සීන් සඳහන් කර තිබේ. මී තරුණියක් හා මී මවක් යම් කාර්යයක් සඳහා පුරුදු පුහුණු කළවිට මී මව, මී තරුණියට වඩා ඉක්මනින් එම කාර්යය අනුව ක්‍රියා කරන බව නිරීක්‍ෂණය කර ඇත. තවද වැඩිහිටියන්ගේ ආතතිය මවගේ ආදරය නිසා අඩු වී ඇති බවද වාර්තා වේ.

තරුණියක් ගැබිනියක් වූ දිනයේ සිටමොළය වෙනස් වීම ආරම්භ වේ. මොළයේ ඇති නියුරෝන විශාල වී ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් නිපදවයි. එමඟින් මව සහ කළලය අතර සන්නිවේදන ශක්තිය වර්ධනය වේ. ළමයා වඩා හොඳින් ආරක්‍ෂා කිරීමේ සහකම්පනය (empathy) මොළයේ රැහැන් නැවත සකස් වීම මඟින් වැඩි වීම සිදුවේ. මොළයේ තුවාල (Traumatic brain injury) වැනි අප්‍රසන්න ආබාධ  වලින් වඩා ඉක්මනින් සුව වීමේ හැකියාව මව්වරුන්ට ඇති බව මෙවැනි පරීක්‍ෂණයකදී හඳුනාගෙන තිබේ.
තමාද ඇතුළු පියවරුන්ට සහ මවක් නොවූ කාන්තාවන්ට, මවක් වීමෙන් මොළයේ සිදු වන මෙම දියුණුවීම ලබා ගත හැකි ක්‍රමයක් පිළිබඳව පර්යේෂණ පවත්වන බව ප්‍රාන්සීන් ප්‍රකාශ කරයි.

උපුටා ගැනීම :- 

No comments:

Post a Comment